
සැබෑ සතුරාට මුහුණදීම සඳහා එක්ව කටයුතු කරන ලෙස ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනි ගල්ෆ් රටවල නායකයින්ගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා ලිඛිත පණිවිඩයක් යොමු කරමින් ඉරාන උත්තරීතර නායකයා මෙම ඉල්ලීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
දැනුවත්ව හෝ නොදැනුවත්ම මුස්ලිම්වරුන් අතර බෙදීම් ඇති කිරීමට උත්සහ කරන ඕනෑම පුද්ගලයෙකු සතුරන් ලෙස සළකන අතර මුස්ලිම්වරුන්ගේ එක්සත්භාවය අනෝන්‍ය ආරක්ෂාව සඳහා වැදගත් වන බව ඔහු සඳහන් කර තිබේ.
ඉරාන අමෙරිකා යුධ ගැටුම් ආරම්භ වී ගතවු මාස 06 තුළ ප්‍රසිද්ධියේ පෙනී නොසිටි ඉරාන උත්තරීතර නායක මොජ්තාබා කමේනිගේ ඡායාරූප කිහිපයක් ඉරාන මාධ්‍ය විසින් පසුගියදා ප්‍රසිද්ධ කර තිබුණි.

















































