
නේපාලයේ සිදුවූ හදිසි ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 752ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට ජාතික ආපදා අවදානම් අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරිය සඳහන් කර තිබේ.
එමෙන්ම මෙම ආපදා තත්ත්වයෙන් අතුරුදන් වූ පිරිස 2,502ක් ලෙස මේ වන විට වාර්තා වී ඇති බවද එම අධිකාරිය සඳහන් කර ඇත.
මේ අතර මෙම ආපදා තත්ත්වයට මැදිවූ තවත් පුද්ගලයින් 8,186න් බේරා ගැනීමටද එරට සහන කණ්ඩායම්වලට හැකිව තිබේ.
මේ අතරට විදේශිකයින් 261ක් ඇතුළත් වන අතර තවත් සංචාරකයින් 320 දෙනෙකු තවමත් හඳුනාගෙන නොමැති බවත් සඳහන් වේ.

















































