
නේපාලයේ හදිසි ජල ගැලීම හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 734ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම මෙම ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 2,400කට වැඩි පිරිසක් තවදුරටත් අතුරුදන්ව ඇතැයිද සඳහන් වේ.
මේ අතර මෙම ආපදාවට හේතුවී ඇතැයි පැවසෙන ග්ලැසියර කඩා වැටීම ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් සිදුව ඇති බවට වාර්තා පළ වෙමින් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගෝලීය උණුසුම හේතුවෙන් හිමාලයේ ග්ලැසියර, අයිස් බිම්, හිම තට්ටු දියවීම වේගවත් වී ඇති බවට විද්‍යාඥයින් විසින් පවසා ඇති බවය.
විද්‍යාඥයින් සඳහන් කර ඇත්තේ ග්ලැසියර දියවීම හා බිඳවැටීම පමණක් නොව ග්ලැසියර විල් වේගයෙන් පිරවීමටද හේතු විය හැකි බවත් එමගින් ගංවතුර තත්ත්වයන්ද ඇති විය හැකි බවය.
එමෙන්ම උණුසුම වැඩිවීම හේතුවෙන් කඳුකරයේ ඇතැම් උස් ප්‍රදේශවලට මේ වන විට හිම වෙනුවට වැසි ඇද හැලෙමින් පවතින බවත් එමගින් ඒවා අස්ථායී විය හැකි බවටත් විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ.

















































