
ඉක්වදෝරයේ හිටපු ජනාධිපති ලෙනින් මොරෙනෝට වසර 5ක සිර දඬුවම් නියම කිරීමට එරට අධිකරණය නියෝග කර තිබේ.
ඒ එරට විශාලතම ජල විදුලි බලාගාරය ඉදි කිරීමට අදාළ නඩුවකදී අල්ලස් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධව වරදකරු වීමෙනි.
සිර දඬුවම් නියම වන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවන අතර සිර දඬුවමත් සමගින් අනාගතයේදී කිසිදු රාජ්‍ය තනතුරක් දැරීමද ස්ථීරවම තහනම් වී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම සිර දඬුවමත් සමග මොරෙනෝගේ බිරිඳ සහ දියණියට මෙන්ම ඔහුගේ සහෝදරයන් දෙදෙනා සහ ඔවුන්ගේ භාර්යාවන්ද වරදකරුවන් කර තිබේ.
ඒ අනුව ඔවුන්ට වසර දෙකහමාරක සිර දඬුවම් නියම කිරීමටද නියෝග කර ඇත.

















































