
යුක්‍රේනයේ කියෙව් අගනුවර ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට රුසියාව එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 27දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
රුසියාව එල්ල කළ මෙම ඩ්‍රෝන ප්‍රහාරවලින් නිවාස සංකීර්ණ ගොඩනැගිලි 50කට පමණ හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ප්‍රහාරවලින් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව යුක්‍රේන බලධාරීන් සඳහන් කර ඇත.
රුසියාව සහ යුක්‍රේනය අතර ගත වූ දින කිහිපය තුළ ගැටුම් සැලකියයුතු ලෙස ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් මියයන සිවිල් වැසියන් සංඛ්‍යාවේ ද ඉහළයාමක් පෙන්නුම් කරන බව විදෙස් වාර්තා පවසයි.

















































