
චීන උත්තරීතර හමුදා අණදෙන මණ්ඩලය වන රාජ්‍ය මධ්‍යම හමුදා කොමිෂන් සභාවේ ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු එම ධූරවලින් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය පවසයි.
ඒ, බරපතළ විනය හා නීතිවිරෝධී ක්‍රියා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලින් අනතුරුවය.
මෙලෙස ඉවත් කර ඇත්තේ මධ්‍යම හමුදා කොමිෂන් සභාවේ උප සභාපති මෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ බලගතු කමිටු සාමාජිකයෙකු වූ ෂැං යූෂියා සහ එම කොමිෂන් සභාවේ සාමාජික මෙන්ම ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ලියු ෂෙන්ලි ය.
මෙම හදිසි ඉවත් කිරීමත් සමග, මීට පෙර සාමාජිකයින් හත් දෙනෙකුගෙන් සමන්විත වූ කොමිෂන් සභාවේ දැනට සක්‍රියව සිටින්නේ සාමාජිකයින් දෙදෙනෙකු පමණි.
චීන ජනාධිපති ෂී ජින්පින් විසින් 2012 වසරේදී දැවැන්ත දූෂණ විරෝධී මෙහෙයුමක් ආරම්භ කළේය. එම අල්ලස් හා දූෂණ විරෝධී මෙහෙයුමේ ප්‍රධාන ඉලක්කයක් බවට හමුදාව පත්ව තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයින්ගෙන් ඉල්ලා සිටියේ හමුදාව තුළ පවතින දූෂණයට එරෙහි සටන තවදුරටත් දැඩි කරන ලෙසය.

















































