
පුරා වසර 35ක් සිංහාසනයේ රැඳී සිටි නෝර්වේ රජු වූ පස්වන හැරල්ඩ් රජුගේ අභාවයෙන් පසු හිස්වූ සිංහාසනය සඳහා ඔහුගේ පුතු වූ හාකෝන් රජු පත් කර තිබේ.
නෝර්වේ රජු අද (28) උදෑසන ජීවිතක්ෂයට පත්වූ අතර ඔහු අභාවයට යන විට 89 වන වියේ පසුවිය.
යුරෝපයේ වයස්ගතම රාජ්‍ය නායකයා ලෙස සැලකෙන පස්වන හැරල්ඩ් රජු දශක තුනකට වැඩි කාලයක් නෝර්වේ රාජ්‍යයේ රජු ලෙසද කටයුතු කර තිබේ.
ඒ අනුව රජුගේ අභාවයෙන් පසු ඔහුගේ පුතු වන අටවන හාකෝන් රජු නෝර්වේ නව රජු ලෙසට පත් කර ඇත.
මෙම පත් කිරීම නෝර්වීජියානු රාජකිය පවුල විසින් පත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.
මේ අතර රජුගේ අභාවය හේතුවෙන් නෝර්වේ රාජ්‍යයේ ජාතික ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව රජුගේ අවමංගල්‍ය දිනය දක්වාම එම ජාතික ශෝක කාලය ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

















































