
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර විශේෂ ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක සමුළුව අතරතුරදීය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ, ඉන්දීය
අග්‍රාමාත්‍යවරයාගේ උස්බෙකිස්තාන සහ කිර්ගිස්තාන සංචාරයට පෙර මේ බව දැනුම්දුන් බවය.
සමුළුව අතරතුරදී ඉන්දීය අගමැති රුසියානු ජනාධිපතිවරයා සහ චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීමට නියමිත දැයි නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මෙම හමුව පිළිබඳ තොරතුරු තහවුරු කර තිබේ.
මෙම හමුවේදී නායකයන් දෙපළ ඉන්දු - රුසියා ද්විපාර්ශ්වික සබඳතාවල ඉදිරි පියවර පිළිබඳව පුළුල් ලෙස සමාලෝචනය කිරීමට නියමිත බවද පැවසෙයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් රුසියාවේ කළ දෙදින නිල සංචාරයේදී ජනාධිපති පුටින් හමුවී, අගමැති මෝදිගේ සුභපැතුම් රුසියානු ජනාධිපතිවරයා වෙත පළ කිරීමෙන් දින කිහිපයකට පසුව මෙම නිල හමුව පිළිබඳ නිවේදනය නිකුත් වීමද විශේෂත්වයකි.

















































