
පසුගිය අගෝස්තු 26 සහ 27 යන නිවාඩු දින දෙක තුළ අධිවේගී මාර්ග භාවිත කළ වාහනවලින් රුපියල් 124,574,925ක ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
එම දින දෙක තුළ සමස්ත අධිවේගී මාර්ග පද්ධතියේ ධාවනය වූ මුළු වාහන සංඛ්‍යාව 325,316ක් වන අතර, අගෝස්තු 26 වනදා වාහන 163,763ක් ධාවනය වී ඇති අතර, එදින ලැබූ ආදායම රුපියල් 60,409,995කි.
අගෝස්තු 27 වනදා අධිවේගී මාර්ග භාවිත කළ වාහන සංඛ්‍යාව 161,553ක් වන අතර, එදින රුපියල් 64,164,930ක ආදායමක් උපයා තිබේ.
මෙම දින දෙක තුළ වැඩිම වාහන ගමනාගමනයක් දක්ෂිණ අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් මාර්ගය වන E01 හා E02 ඔස්සේ වාර්තා වී තිබේ.

















































