header logo
SLIC
උණුසුම් පුවත්
ලංකා පොස්පේට් සමාගම පසුගිය මාස 20ක කාලය තුළ සැලකිය යුතු ප්‍රගතියක්
2h ago
ලංකා පොස්පේට් සමාගම පසුගිය මාස 20ක කාලය තුළ සැලකිය යුතු ප්‍රගතියක්
Mobitel 1278

එප්පාවල ලංකා පොස්පේට් සමාගම පසුගිය මාස 20ක කාලය තුළ සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව එම සමාගම පවසයි.

මේ අතර එම සමාගමේ නිෂ්පාදන හා මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 110ක් වටිනා නව යන්ත්‍රෝපකරණ සහ මෙහෙයුම් වාහන එක් කර තිබේ.

ඒ අනුව, නව යන්ත්‍රෝපකරණ සහ මෙහෙයුම් වාහන නිල වශයෙන් භාවිතයට එක් කිරීම ඊයේ (27) කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මෙම ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 79ක වියදමින් වීල් ලෝඩර් යන්ත්‍ර දෙකක්, රුපියල් මිලියන 18ක වියදමින් ටිපර් රථ දෙකක් සහ රුපියල් මිලියන 13ක වියදමින් ෆෝක් ලිෆ්ට් යන්ත්‍ර දෙකක් ආයතනයේ මෙහෙයුම් කටයුතු සඳහා එක් කර තිබේ.

එමෙන්ම, සමාගමේ මෙහෙයුම් කටයුතු ශක්තිමත් කිරීම සඳහා තෝරාගත් නව රියදුරන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ද අමාත්‍යවරයා අතින් සිදු විය.

මේ අතර, පසුගිය මාස 20ක කාලය තුළ එප්පාවල ලංකා පොස්පේට් සමාගම සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව එම සමාගම පවසයි.

එම කාලය තුළ රුපියල් මිලියන 76ක වියදමින් නව නිමි භාණ්ඩ ගබඩාවක් ඉදිකිරීම, කලක් අක්‍රියව පැවති ට්‍රැක්ටර් යන්ත්‍රය යළි ක්‍රියාත්මක කිරීම, නිල වෙබ් අඩවිය සහ Sales Hotline සේවාව යළි ක්‍රියාත්මක කිරීම ඇතුළු පියවර රැසක් ගෙන තිබේ.

පාරිභෝගික විශ්වාසය සහ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා නිෂ්පාදනවල උපරිම සිල්ලර මිල මුද්‍රණය කිරීම, 2026–2030 නව උපායමාර්ගික සැලැස්ම එළිදැක්වීම, APM තෙල් පොහොර වෙළෙඳපොළට හඳුන්වාදීම සහ ERP Sample අඩු මිලට ලබාදීම ද සිදුකර ඇත.

මීට අමතරව, Dealers Network ලියාපදිංචිය සහ සමාගමේ ලොරි රථ මගින්ම නිෂ්පාදන බෙදාහැරීම ආරම්භ කරමින් සමාගමේ සමස්ත මෙහෙයුම් ජාලය විධිමත් කිරීමටද පියවර ගෙන තිබේ.

මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිලින් සමරකෝන් මහතා, එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ සභාපති ආනන්ද ප්‍රේමකුමාර මහතා ඇතුළු සමාගමේ කළමනාකාරීත්වය සහ සේවක මණ්ඩලය එක්ව සිටියහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්