
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු සඳහා සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) පස්වරුවේ මහා සංඝරත්නය බැහැදුටුවේය.
ඒ අනුව පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

















































