
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (27) පස්වරු 6.43ට යෙදුණු සුබ මොහොතින් වීථි සංචාරය ආරම්භ කළේය.
දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කරන පෙරහර කිලෝමීටර් 2යි මීටර් 150ක දුරක් ගමන් කර නැවත ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීමට නියමිතය.
අවසන් රන්දෝලි පෙරහැරේ සදාතුක දළදා කරඬුව වැඩමවීමේ භාග්‍යය කදිරපුර වාසනා හස්තියාට හිමිව තිබේ.

















































