
නේපාල-ටිබෙට් දේශසීමාවේ සිදුවූ විනාශකාරී ජලගැලීමෙන් නේපාලයේ සිදුවූ මරණ සංඛ්‍යාව 332ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එරට වේලාවෙන් ඊයේ (26) උදෑසන ඇති වූ මෙම හදිසි ජලගැලීම් තත්ත්වයෙන් මේ වනවිට නේපාලයේ පුද්ගලයින් 800කට වැඩි පිරිසක් තවමත් අතුරුදන් වී ඇත.
අතුරුදන් වූ පිරිස අතර චීන ජාතිකයන් 100ක් පමණ සිටින බවට චීන විදේශ අමාත්‍යාංශය තහවුරු කර තිබේ.
මේ අතර ටිබෙටයේද අවම වශයෙන් පුද්ගලයින් 558 දෙනෙකු අතුරුදහන් වී ඇති බවත්, තිදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බවත් සඳහන්ය.
වර්ෂාව සහ භූගෝලීය පිහිටීම හේතුවෙන් ගලවාගැනීමේ කටයුතු සංකීර්ණ වී ඇති බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.

















































