
මොනරාගල දිස්ත්‍රික්කය තුළ ජල සම්පාදන සේවාව අඛණ්ඩව සහ කාර්යක්ෂම පවත්වාගෙන යාම පිළිබඳ ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (27) ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ප්‍රධාන වශයෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ පවතින දැනට ඉතා ඉක්මනින් පිළිසකර කිරීමට හඳුනාගෙන ඇති නළලිං 257ක් පිළිසකර කර ඒවා භාවිතයට ගැනීම කඩිනම් කළ යුතු බවට මෙහිදී උපදෙස් ලබාදී ඇත.
තවද ජලය ලබාගැනීමට හඳුනාගෙන ඇති ස්ථාන 77 කඩිනමින් ස්ථාපනය කිරීමටත්, පිළිසකර කළ යුතු ළිං 349 ඉතා ඉක්මනින් පිළිසකර කළ ඒවා භාවිත කර ගැනීමටත් අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබේ.
එල් නිනෝ තත්ත්වය ඇතුළු ඉදිරියේදී ඇතිවිය හැකි කාලගුණික විපර්යාස හේතුවෙන් ජලසම්පාදන කටයුතු කෙරෙහි ඇතිවිය හැකි බලපෑම් පූර්වයෙන් හඳුනාගෙන, අවශ්‍ය පූර්ව සූදානම් වීම්, අවදානම් කළමනාකරණ සැලසුම් සහ හදිසි ප්‍රතිචාර ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කරන ලදී.
ඒ අනුව ජල මූලාශ්‍ර හා ජලසම්පාදන යටිතල පහසුකම් ආරක්ෂා කරගනිමින්, ඉදිරියේදී ඇතිවිය හැකි කාලගුණික හා අනෙකුත් අභියෝග හමුවේ මොණරාගල ජනතාවට අඛණ්ඩව ගුණාත්මක පානීය ජල සේවාවක් සහතික කිරීම සඳහා ආයතනික හා තාක්ෂණික මට්ටමින් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමට මෙහිදී අවධානය යොමු විය.

















































