
නේපාලයේ ගංවතුරෙන් හානි වූ ප්‍රදේශවල සෙවුම් සහ මුදාගැනීමේ කටයුතු සඳහා නේපාල හමුදා භටයින් 2,000ක් යොදවා තිබේ.
මෙහිදී රසුාවා (Rasuwa) සහ නුවාකොට් (Nuwakot) යන දැඩි ලෙස හානියට පත් දිස්ත්‍රික්ක වෙත වැඩි අවධානයක් යොමුකර ඇති බව සඳහන් වෙයි.
මේ වන විට ගංවතුරට හසු වූ 97 දෙනෙකු බේරාගෙන ඇති අතර, ත්‍රිශූලී A ජලවිදුලි ව්‍යාපෘතියේ උමගක සිරවී සිටි කම්කරුවන් තිදෙනෙකු ද ඊට ඇතුළත් වේ.
මේ අතර, නේපාල පොලීසිය සහ සන්නද්ධ පොලිස් බලකාය ද මෙම මෙහෙයුම් සඳහා සහාය දක්වයි.

















































