
නේපාල–ටිබෙට් දේශසීමා ප්‍රදේශයට බලපා හදිසි ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 162ක් දක්වා ඉහළ ගොස් තිබේ.
නේපාල පොලීසිය සඳහන් කර ඇත්තේ, මියගිය පුද්ගලයන් අතරින් 64 දෙනෙකු චිට්වාන් දිස්ත්‍රික්කයේ පහළ ප්‍රදේශවලින් සොයාගෙන ඇති අතර, තවත් 26 දෙනෙකු නවාල්පරාසි නැගෙනහිර ප්‍රදේශයෙන් සොයාගෙන ඇති බවය.
මේ අතර, තවමත් පුද්ගලයන් සිය ගණනක් අතුරුදන්ව සිටින අතර, ඒ අතර පොලිස් නිලධාරීන් 28 දෙනෙකු ද සිටින බව පොලීසිය පවසයි.
සෆාරි සඳහා ප්‍රසිද්ධ ප්‍රධාන සංචාරක ගමනාන්තයක් වන චිට්වාන් ඇතුළු මහ නගර සභා කිහිපයක් ගංවතුර තත්ත්වය තවදුරටත් උග්‍රවීම හේතුවෙන් අධි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.
ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බැවින්, සහන හා සෙවීම් මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.


















































