header logo
Vallibel FD
Selan Bank
විශේෂාංග
විභාග පීඩනයෙන් මිදීමට ඖෂධවලට ඇබ්බැහි වන චීන සිසුන්
Aug 26, 202607:33 AM
විභාග පීඩනයෙන් මිදීමට ඖෂධවලට ඇබ්බැහි වන චීන සිසුන්
Mobitel 1278

චීනයේ යෞවනයින් අධ්‍යාපනික පීඩනය, මානසික ආතතිය සහ පවුලේ ගැටලුවලින් මිදීම සඳහා වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ අධික මාත්‍රාවෙන් භාවිත කරන බවට අනාවරණ වී තිබේ.

චීනයේ වෙරළබඩ ප්‍රදේශයක ජීවත් වූ 14 හැවිරිදි ෂියාඕමේයි ද එවැනි අත්දැකීමකට මුහුණ දුන් දැරියකි.

විභාග පීඩනයෙන් මිදීමට වැඩිහිටි තරුණයෙකුගේ උපදෙස් මත ඇය මුලින්ම කැස්ස සඳහා භාවිත කරන ඖෂධයක් අධික ලෙස ලබාගෙන ඇති අතර, පසුව එම අත්දැකීම හේතුවෙන් වෙනත් ඖෂධ වෙතද යොමුවී තිබේ.

ඇය පවසන්නේ විභාගවලදී අසාර්ථක වූ විට, අධ්‍යාපනික පීඩනය වැඩි වූ විට හෝ දෙමාපියන් සමඟ ගැටුම් ඇති වූ විට ඖෂධ භාවිත කළ බවය.

වසර දෙකක පමණ කාලයක් ඇය විවිධ වෛද්‍ය නිර්දේශිත ඖෂධ අධික මාත්‍රාවෙන් ලබාගෙන ඇති අතර, ඒවා කිසිවක් ඇයට හෝ ඇගේ පවුලේ සාමාජිකයෙකුට වෛද්‍යවරයෙකු විසින් නියම කර තිබූ ඒවා නොවන බව සඳහන් වේ.

සමාජ මාධ්‍ය හරහා ඖෂධ භාවිතයේ පැතිරීම...

චීන යෞවනයින් අතර මෙවැනි ඖෂධ භාවිතය පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන බව BBC පුවත් සේවය විසින් විවිධ සමාජ මාධ්‍ය වේදිකාවල අන්තර්ජාල කණ්ඩායම් පරීක්ෂා කිරීමේදී අනාවරණය වී තිබේ.

ඇතැමුන් ඖෂධවල බලපෑම් පිළිබඳ අත්දැකීම් බෙදාගන්නා අතර, තවත් පිරිසක් විවිධ ඖෂධ ලබාගැනීමේ ක්‍රම පිළිබඳ තොරතුරු හුවමාරු කරගෙන ඇත.

විශේෂඥයන් පවසන්නේ මෙය හුදෙක් නීතිවිරෝධී ඖෂධ භාවිතය පිළිබඳ ගැටලුවක් නොව, යොවුන් පරපුර අතර පවතින මානසික සෞඛ්‍ය අර්බුදයක ලක්ෂණයක් ලෙසද සැලකිය යුතු බවය.

විභාග පීඩනය ප්‍රධාන හේතුවක්...

ෂියාඕමේයි ඉගෙනුම ලැබූ පන්තියේ සිසුන් අතරද ඖෂධ අධික ලෙස භාවිත කර තමන්ට ඇති පීඩනයෙන් මිදීම පිළිබඳ සාකච්ඡා පැවති බව ඇය පවසයි.

එම පාසලේ ඉහළ දක්ෂතා දක්වන පන්තිවල සිසුන් සංඛ්‍යාව අඩු කිරීම සඳහා දැඩි තරගකාරී ක්‍රමයක් ක්‍රියාත්මක වූ බවද සඳහන් වේ. ලකුණු පහළ ගියහොත් එම පන්තියෙන් ඉවත් වීමට සිදුවීම නිසා සිසුන් දැඩි මානසික පීඩනයකට පත්ව තිබේ.

චීන සමාජ විද්‍යාඥ ෂියැං බියාඕ පෙන්වා දෙන්නේ බොහෝ පවුල්වල එකම දරුවා වෙත අනාගත බලාපොරොත්තු විශාල ප්‍රමාණයක් පැවරීමද මෙම තත්ත්වයට බලපාන බවයි.

ඖෂධ පාලනය දැඩි කළත් නව විකල්ප සොයා යෑම...

චීන බලධාරීන් මීට වසර කිහිපයකට පෙර තරුණයන් අතර අනිසි ලෙස භාවිත වූ කැස්ස සඳහා භාවිත කරන ඖෂධයක් මනෝ ක්‍රියාකාරී ඖෂධයක් ලෙස වර්ගීකරණය කර එහි අලෙවිය පාලනය කිරීමට පියවර ගෙන තිබේ.

එහෙත් එක් ඖෂධයක් පාලනය කිරීමෙන් පසු තරුණයන් වෙනත් ඖෂධ වෙත මාරුවීම ගැටලුව තවදුරටත් සංකීර්ණ කර ඇති බව වාර්තා වේ.

චීන රජයේ මත්ද්‍රව්‍ය පාලන ආයතනයද මෑතකදී වෛද්‍ය නිර්දේශිත ඖෂධ අනිසි ලෙස භාවිත කිරීම, විශේෂයෙන්ම බාලවයස්කරුවන් අතර, වර්ධනය වන ගැටලුවක් බවට අනතුරු අඟවා තිබේ.

මානසික සෞඛ්‍ය සේවා පිළිබඳ අවධානය…

2023 වසරේ චීනයේ මානසික සෞඛ්‍ය පිළිබඳ වාර්තාවකට අනුව, මිලියන 95කට ආසන්න පිරිසක් මානසික අවපීඩනයෙන් පීඩාවිඳින බවට ඇස්තමේන්තු කර ඇති අතර, එයින් සැලකිය යුතු ප්‍රතිශතයක් වයස අවුරුදු 18ට අඩු පිරිසක් බව සඳහන් වේ.

චීන රජය 2030 වන විට පාසල් මට්ටමින් උපදේශන සේවා, රෝහල් මට්ටමින් මානසික සෞඛ්‍ය සේවා සහ අර්බුදකාරී අවස්ථාවල සහාය ලබාදීමේ පුළුල් පද්ධතියක් ගොඩනැගීමට සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත්, ළමා හා යොවුන් මානසික සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවමත් ප්‍රධාන අභියෝගයක් බව විශේෂඥයෝ පෙන්වා දෙති.

දෙමාපියන්ගේ සහයෝගය ජීවිතය වෙනස් කළ ෂියාඕමේයි...

අවසානයේදී අධික ඖෂධ මාත්‍රාවක් ලබාගැනීමෙන් දැඩි ලෙස රෝගාතුර වූ ෂියාඕමේයි රෝහල්ගත කිරීමට සිදුව තිබේ.

එම සිදුවීමෙන් පසු ඇගේ දෙමාපියන් ඇයට දොස් පැවරීම වෙනුවට ඇගේ හැඟීම් පිළිබඳව ඇහුම්කන් දීමට පටන්ගෙන තිබේ.

එම පවුල් සහයෝගය ඇගේ මානසික තත්ත්වය යහපත් කර ගැනීමට මෙන්ම ඇය බියෙන් සිටි වැදගත් ප්‍රවේශ විභාගයට සාර්ථකව මුහුණදීමටද උපකාර වූ බව ඇය පවසයි.

විශේෂඥයන් පෙන්වා දෙන්නේ ඖෂධ අනිසි භාවිතය පාලනය කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, යොවුන් පරපුරේ මානසික ආතතිය, විභාග පීඩනය, පවුල් සබඳතා සහ මානසික සෞඛ්‍යය පිළිබඳ විවෘත සංවාදයක් ඇති කිරීම ද අත්‍යවශ්‍ය බවයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල