header logo
SLIC
උණුසුම් පුවත්
සෑම පුරවැසියෙකුටම සම අයිතිවාසිකම් සහ සම අවස්ථා තහවුරු කරන බව අගමැතිනිය කියයි
1h ago
සෑම පුරවැසියෙකුටම සම අයිතිවාසිකම් සහ සම අවස්ථා තහවුරු කරන බව අගමැතිනිය කියයි
EDEX

කිසිදු පුරවැසියෙකු මඟ නොහැර සියලු දෙනාට සම අයිතිවාසිකම් සහ සම අවස්ථා තහවුරු කිරීම රජයේ මූලිකම ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපති අරමුදල මගින් සංවිධානය කළ සරසවි දිරියෝ අභිමන් - ආබාධ සහිත විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීම වෙනුවෙන් යාපනය දිස්ත්‍රීක් ලේකම් කර්යාලයීය ශ්‍රවණාගාරයේ අද (22)  පැවති උත්සවයට සහභාගීවෙමිනි.  

උතුරු පළාතේ පිහිටි විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත  ශිෂ්‍ය ශිෂ්‍යාවන් 75 දෙනෙකු වෙත මෙහිදී ඇගයීම් සහතික සහ ලක්ෂය බැගින් වූ  මුල්‍ය ප්‍රදානය කිරිම අග්‍රාමාත්‍යතුමිය විසින්  සිදු කළාය.

"දිවයිනේ බහුතරයක් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසු දරුදැරියන් මේ වැඩසටහන මගින් ඇගයීමට පාත්‍ර වෙනවා.

මේ ඇගයීම තුළින් අපි බලාපොරොත්තු වෙනවා ඔබ පසුපස තව දහස් ගණනක් ශිෂ්‍යශිෂ්‍යාවන් එයි කියලා.

අපේ රටේ වැඩියෙන්ම ආබාධ සහිත පිරිසක් ඉන්නේ උතුර සහ නැගෙන හිර,  ඒ අමිහිරි යුද්ධයේ තවත් අත්දැකීමක්. යළි යුද්ධයක් ඇතිනොවෙන්න වැඩ කරන රජයක් විදිහටත්, යුද්ධයක් ඇතිවන සාධක නැති කරන රජයක් හැටියටත් මේ වැඩසටහන මේ පළාතේ  ක්‍රියාත්මක කරන්න ලැබීම ගැන සතුටු වෙනවා.

ජනාධිපති අරමුදල වරප්‍රසාද තියන අයට ලැබුණ තවත් වරප්‍රසාදයක් කියන එකට තිත තියලා ජනතාව ළගට ගේන්න ලැබීම අපි ලැබූ ජයග්‍රහණයක්. ඒ වගේම කිසිවෙක් අත්නොහැර සියලුදෙනාට සමාන සමාජයක  ගොඩනගන්න අපි උත්සාහ කරනවා. 

ඔබ මෙතැනට ආපු ගමන ලෙහෙසි පහසු එකක් නෙවෙයි. සාමාන්‍ය ශිෂ්‍යයෙකුට වඩා සිය දහස් වාරයක භෞතික බාධක, අපහසුතා, වගේම ඇතැම් අවස්ථාවල සමාජයේ තියෙන ආකල්පමය බාධක පවා ඔබට ජය ගන්න සිද්ධ වෙන්න ඇති. නමුත්  ඔබේ නංගිලාට මල්ලිලාට මේගමන එන්න පහසු කරන්න අපි එකතුවෙමු.

ඔබ අද විශ්වවිද්‍යාල සිසුන් ලෙස මා ඉදිරියේ සිටින්නේ ඔබේ නොසැලෙන මානසික ශක්තිය නිසයි. ඔබ අභියෝගවලට මුහුණ දීලා ඒවා ජයගන්නා ආකාරය අපේ රටේ ඉන්න අනෙකුත් තරුණ පරපුරට ලොකු ආදර්ශයක්. සුළු ප්‍රශ්නයකදී, බාධාවකදී ජීවිතය කලකිරෝගන්න තරුණ පරපුරට ජීවමාන ආදර්ශය ඔබයි.

අද මේ ශාලාවේ පිටුපස අසුන්ගෙන ඉන්න ඔබේ ආදරණීය දෙමාපියන්, ගුරුවරුන් ඇතුළු සියලු දෙනාවම මේ සුවිශේෂී මොහොතේ, මම ඉතාම ගෞරවයෙන් සහ ස්තූතිපූර්වකව මතක් කරන්න ඕනේ. ඒ පිරිස තමයි ඔබට ශක්තියක් වුණේ.

ආබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් අපි අත්හැරලා කටයුතු කරන්නේ නැහැ. ඒ නිසාම රජය අඩු ආදයම්ලාභි පවුල්වල අබාධිත සිසුන් වෙනුවෙන් මාසික දීමනාවක් ලබා දෙන්න ආරම්භ කළා. අධ්‍යාපනය සඳහා  තාක්ෂණික සහය ආබාධිත දරුවන්ට ලබාදීම වෙනුවෙන්  නියමු  ව්‍යාපෘතියක් ආරම්භ කළා.  

අද ඔබ ලබන මේ ඇගයීම ඔබේ ගමනේ අවසානය නෙවෙයි. මෙය ඔබේ දීප්තිමත් ගමනක ආරම්භය විතරයි. ඔබට කායිකව මොන සීමාවන් තිබුණත්, ඔබේ සිහිනවලට කිසිම සීමාවක් දාගන්න එපා.ඒ සිහින සැබෑ කරගන්න නොපසුබට උත්සාහයෙන් පෙරටම යන්න. එහිදී  රජය සහ සමස්ත ජනතාවම ආබාධිත සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිටුපසින් සිටිනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ