
බංග්ලාදේශය පුරා පිහිටි බන්ධනාගාර 75ක් තුළ රැඳවියන් 45,186 දෙනෙකු සඳහා පමණක් පහසුකම් පැවතියද, මේ වනවිට එහි රැඳවියන් 98,233 දෙනෙකු අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ රඳවා සිටින බව වාර්තා වෙයි.
එය නියමිත ධාරිතාව මෙන් දෙගුණයකට ආසන්න සංඛ්‍යාවකි.
පවතින තත්ත්වයේ බරපතළකම පසුගිය මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේදී එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින්ද පිළිගෙන තිබුණි.
රැඳවියන් ජීවත්වන මෙම අමානුෂික පරිසරය මූලික මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර, එය නිවැරදි කිරීම සඳහා කඩිනමින් ප්‍රතිසංස්කරණ සිදුකිරීමේ අත්‍යවශ්‍යතාවක් පැනනැඟී ඇති බව ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දෙයි.
එමෙන්ම බන්ධනාගාර තුළ සෞඛ්‍ය සේවා සැපයීම සඳහා දැඩි වෛද්‍ය හිඟයක් පවතින බවද විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
පසුගිය වසර තුළදී පමණක් බන්ධනාගාර තුළ රැඳවියන් 187 දෙනෙකු මියගොස් ඇති අතර, මෙම වසරේ මේ දක්වා කාලය තුළ මියගිය සංඛ්‍යාව 122 ක් බවද විදෙස් මාධ්‍ය පවසයි.


















































