
සිනමාලෝලීන්ගේ දැඩි අවධානය දිනාගත් සත්‍ය සිදුවීම් ඇසුරින් නිර්මාණය වූ සිනමාපට මෙන්ම, ප්‍රමුඛ පෙළේ රංගන ශිල්පීන් රැසකගේ සුවිශේෂී රංගනයන්ගෙන් පිරිපූර්ණ වූ සිනමාපට රැසක් එළඹෙන සැප්තැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතව තිබේ.
ඒ අතරින් සුවිශේෂී චිත්‍රපට 10ක් පිළිබඳව තොරතුරු පහතින් දැක්වේ.
1. Resident Evil
ලෝකප්‍රකට වීඩියෝ ගේම් අසුරින් නිර්මාණය වන මෙය වෙනස්ම ආකෘතියක horror අත්දැකීමක් ලෙස එළිදැක්වේ. Raccoon City වෙත විශේෂ රුධිර හා ශරීර කොටස් ප්‍රවාහනය කරන Bryan නැමැති කුරියර්කරුවෙකු වටා කතාව ගොඩනැගී ඇත.

2. Primetime
2004 සිට 2007 දක්වා විකාශය වූ To Catch a Predator රියැලිටි වැඩසටහන සහ එහි නිවේදක Chris Hansen ගේ සත්‍ය සිදුවීම් ඇසුරෙන් මෙම නිර්මාණය බිහිවී ඇත. මෙහි ප්‍රධාන චරිතය රඟදක්වන්නේ Robert Pattinson විසිනි.

3. The Weight
ඇමෙරිකාවේ ආර්ථික අර්බුද සමය (Great Depression) පදනම් කරගනිමින් නිර්මාණය වූ මෙය පියෙකු සහ දියණියක අතර ඇති සෙනෙහස ගැන කියවෙන්නකි. Ethan Hawke සහ Russell Crowe මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වේ.

4. Practical Magic 2
සාපයකට ලක්වූ මායාකාරියන් සොහොයුරියන් දෙදෙනෙකුගේ කතාව මෙමගින් දිගහැරේ. වසර 28කට පසුව එන මෙම දෙවන කොටස සඳහාද Nicole Kidman සහ Sandra Bullock නැවතත් එකතු වී සිටී.

5. Forgotten Island
DreamWorks සමාගමේ මෙම නවතම ඇනිමේෂන් චිත්‍රපටය පිලිපීන ජනප්‍රවාද අසුරින් නිර්මාණය වූවකි. මායා ලෝකයක අතරමං වන පාසල් යෙහෙළියන් දෙදෙනෙකු වටා මෙහි කතාව ගොඩනැගී ඇත.

6. Onslaught
Genetically modified හමුදා සබන් සෙබළුන් තිදෙනෙකුගේ ප්‍රහාරයකින් තම දියණිය බේරාගැනීමට සටන් කරන හිටපු හමුදා වෙඩික්කරුවෙකුගේ කතාවයි. Adria Arjona සහ Michael Biehn මෙහි රංගනයේ යෙදෙයි.

7. Heart of the Beast
Brad Pitt ප්‍රධාන චරිතය රඟදක්වන මෙම චිත්‍රපටය ඇලස්කානු වනාන්තරයක සිදුවන ගුවන් අනතුරකින් පසු දිවි ගලවා ගැනීමට සටන් කරන හමුදා සෙබළෙකු සහ ඔහුගේ සුනඛයා පිළිබඳව කියවෙන්නකි.

8. Knife: The Attempted Murder of Salman Rushdie
ප්‍රකට ලේඛක Sir Salman Rushdie හට 2022 වසරේදී එල්ල වූ මාරාන්තික පිහි ප්‍රහාරය සහ ඉන්පසු ඔහුගේ ජීවිතය අලලා සැකසුණු වාර්තාමය චිත්‍රපටයකි.

9. The Uprising
1381 වසරේ එංගලන්තයේ සිදු වූ ගොවි ජන අරගලය (English Peasant's Revolt) පදනම් කරගෙන මෙය නිර්මාණය වී ඇත. Andrew Garfield මෙහි ප්‍රධාන චරිතයට පණ පොවයි.

10. Hope
කොරියානු සිනමාපටයක් වන මෙය රකුසෙකුගෙන් ගම්මානයක් බේරාගැනීමට වෙහෙසෙන පොලිස් නිලධාරියෙකු වටා ගොඩනැගී ඇති action සහ sci-fi ගනයේ චිත්‍රපටයකි.



















































