
මෙම වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇතැයි අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
මැදපෙරදිග ගැටුම් හමුවේ ගෝලීය බොරතෙල් මිල සහ ආනයන පිරිවැය කෙරෙහි ඇතිව තිබෙන බලපෑම තක්සේරු කර තිබේද යන්න අද (21) පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රශ්න අපේකාවෙන් යොමු කර තිබූ පැනයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
එහිදී ඇය පැවසුවේ මෙම වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආයනය වියදම් සඳහා දළ වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 3,168ක් වැය කර ඇති බවය.
පසුගිය 2025 වසරේ එම කාලය තුළ වැය වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 1,995ක් වන බව පැවසූ ඇය එම කාලයට සාපේක්ෂව මෙම වසරේ ඉන්ධන වියදම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයිද වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවාය.


















































