header logo
SLIC
උණුසුම් පුවත්
දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්
1h ago
දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්
EDEX

ප්‍රවීණ සංගීතවේදිනී විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (21) පාර්ලිමේන්තුවේදී ශෝක පණිවුඩයක් ප්‍රකාශ කළාය.

පාර්ලිමේන්තුවේ දෛනික කටයුතු ආරම්භ කරමින් ලිපි ලේඛන ආදිය ඉදිරිපත් කිරීමට පෙර අග්‍රාමාත්‍යවරිය විසින් මෙම ශෝක පණිවුඩය ප්‍රකාශයට පත් කළාය.

එහිදී මෙරට සංගීත ක්ෂේත්‍රයට මෙන්ම ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයට සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය පිළිබඳව සිය ශෝකය පළ කරමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, “හුරුපුරුදු මනරම් හඬක් අපෙන් වෙන් වුණා” යනුවෙනි.

ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය විසින් පාර්ලිමේන්තවේ දී ඉදිරිපත් කළ සම්පූර්ණ ශෝක පණිවුඩය

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ, දශක අටකට ආසන්න කාලයක් සිය අද්විතීය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කළ ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත අසා මම ඉමහත් සංවේගයට පත්වීමි.

නන්දා මාලනී මහත්මියගේ ගීත ඇසෙමින්, ඒ ගීත සමඟ ජීවිතයේ විවිධ අවස්ථා ගෙවී ගිය රසිකාවියක ලෙස, එතුමියගේ වියෝව මට දැනෙන්නේ හුදෙක් ශ්‍රී ලාංකේය සංගීතයේ අසමසම කලා පෞරුෂයක් අපට අහිමි වීමක් ලෙස පමණක් නොවේයි. එය අපේ ජීවිතවලට සමීපව, අපේ මතකයන් සමඟ බැඳී, සතුටේදීත් වේදනාවේදීත් අප සමඟ සිටි හුරුපුරුදු හඬක් අපෙන් වෙන්වීමක් ලෙසයි.  එතුමියගේ ගීත අපේ  පරම්පරාවේ ජීවිත අත්දැකීම් සමඟ බැඳී තිබූ අතර, ඒ මනරම් හඬ සමඟ ගොඩනැඟුණු මතකයන් අද ඇයගේ වියෝව සමඟ වඩාත් තදින් සිහිපත් වේනවා.

ළමා වියේදී “බුදු සාදු මම සඳුන් ගසක්   වෙන්නම්” ගීතය ගායනා කරමින් සංගීත ලොවට පා තැබූ එතුමිය, ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ ගුරුහරුකම් ලබමින් “රන්මුතු දූව” චිත්‍රපටය ඔස්සේ සිනමා ගීත ක්ෂේත්‍රයට පිවිසියා ය. එතැන් සිට දශක ගණනක් පුරා එතුමියගේ හඬ අපේ නිවෙස්වලත්, අපේ පාසල් සමයේත්, අපගේ උත්සව හා ජාතික අවස්ථාවලත්, නිහඬව අපේ දෛනික ජීවිතය සමඟ ගමන් කළේය. එතුමිය ගැයූ ගීත බොහෝමයක් අපට හුදෙක් අසන්නට ලැබුණු ගීත නොව, අපේම ජීවිතයේ කොටස් බවට පත්ව තිබුණි.

එතුමියගේ ගායන දිවිය ශ්‍රී ලාංකේය ගීත කලාවේ එක් යුගයක් පමණක් නොව, මෙරට ජන ජීවිතයේත්, සමාජ චලනයන්ගේත්, මිනිස් හැඟීම්වලත් සජීවී ප්‍රකාශනයක් විය. ප්‍රේමය හා විරහව වැනි මානව හැඟීම් ගැයීමෙන් ඔබ්බට ගිය එතුමිය, පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගලය සිය ගීත තුළින් හඬක් බවට පත් කළාය. ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුණේ ගායිකාවකගේ හඬක් පමණක් නොව, අපේම සමාජයේ හඬයි.

එතුමිය කිසිවිටෙකත් සමාජයෙන් වෙන්වූ කලාකාරිනියක නොවූවාය. අයුක්තිය ඉදිරියේ නිහඬ නොවෙමින්, සාමය හා සහජීවනය වෙනුවෙන් ද, මනුෂ්‍යත්වය හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් ද නොබියව සිය හඬ අවදි කළාය. “පවන” සහ “සත්‍යයේ ගීතය” වැනි නිර්මාණාත්මක මැදිහත්වීම් ඔස්සේ එතුමිය අපට පෙන්වා දුන්නේ කලාකරුවෙකුගේ හඬට සමාජයේ වේදනාව වෙනුවෙන් කතා කළ හැකි බවත්, ගීතයකට මිනිසා තුළ සංවේදීත්වය අවදි කරමින් යහපත් සමාජයක් පිළිබඳ බලාපොරොත්තුවක් ගොඩනැඟිය හැකි බවත්ය.

නන්දා මාලනී මහත්මියගේ ගීත සමඟ මගේ පෞද්ගලික මතකයන් ද බොහෝය. ඇතැම් ගීත අසා ඇත්තේ සතුටින් පිරුණු අවස්ථාවලදීය. ඇතැම් ගීත වේදනාවක් හෝ නිහඬ මොහොතක් සමඟ බැඳී ඇත. තවත් ඇතැම් ගීත අප ජීවත් වූ කාලය, අප මුහුණ දුන් සමාජ අත්දැකීම් සහ අප තුළ තිබූ බලාපොරොත්තු මතක් කර දෙයි. එබැවින් එතුමියගේ හඬ අපට හුදෙක් සංගීතය නොවීය. එය අපේ ජීවිතය සමඟ ගමන් කළ, අපේ හැඟීම් හඳුනාගත්, ඇතැම් විට අප වෙනුවෙන්ම කතා කළ හඬක් විය.

ශාස්ත්‍රීය සංගීතයේ ගැඹුරු ප්‍රගුණත්වයත්, අසමසම හඬ පෞරුෂයත්, හැඟීම් ප්‍රකාශ කිරීමේ විශිෂ්ට හැකියාවත් සමඟ ශ්‍රී ලාංකේය ගීත කලාවට එතුමිය එක් කළ දායකත්වය අතිමහත්ය. එහෙත් එතුමිය ලද සම්මාන හා ගෞරව සියල්ලටම වඩා, පරම්පරා ගණනාවක ජනතාවගේ හදවත් තුළ එතුමිය දිනාගත් ආදරය ඇගේ කලා මෙහෙවරේ සැබෑ අගය සනිටුහන් කරයි. මගේ පරම්පරාවටත්, මටත් එතුමියගේ හඬ එතරම්ම සමීප වූයේ ඒ නිසාය.

අද එතුමියගේ වියෝව පිළිබඳ ශෝක වන මොහොතේ, ශ්‍රී ලාංකේය සංගීතයට අහිමි වූ අසමසම කලාකාරිනිය ගැන පමණක් නොව, අපේ ජීවිතයේ බොහෝ මතකයන් සමඟ බැඳුණු ආදරණීය හඬක් ගැන ද මම සිහිපත් කරමි. අදින් වසරකට ඉහත මෙවැනිම දිනෙක එතුමියගේ 82 වැනි ජන්ම දිනය සමරමින් එතුමියගේ මියුරු හඬ සජීවීව විඳිමින්  අපේ ආදරය සහ ගෞරවය පුදකරන්නට ලැබුණු ඒ අවස්ථාව මේ මොහොතේ දී මම ඉතාමත් ගෞරවයෙන් සහ සංවේගයෙන් සිහිපත් කරමි.  
දශක ගණනාවක් පුරා අප සමඟ ගමන් කළ ඒ හඬ අද නිහඬ වුවද, එතුමිය ගැයූ ගීත අපේ මතකයන් තුළත්, අපේ හදවත් තුළත් දිගටම ජීවත් වනු ඇත.

එතුමිය දායාද කළ ගීත සමුදායත්, ගොඩනැඟූ කලා සම්ප්‍රදායත්, සමාජය වෙනුවෙන් කලාකරුවෙකුට ඉටු කළ හැකි වගකීම පිළිබඳ තැබූ ආදර්ශයත් මතු පරම්පරාවන්ට ද මඟ පෙන්වනු ඇත. එතුමියගේ හඬ ඉදිරියටත් ඇසෙනු ඇත්තේ ගීතයක් ලෙස පමණක් නොව, යුක්තිය, සාමය, මනුෂ්‍යත්වය සහ මේ දේශය කෙරෙහි වූ ආදරය වෙනුවෙන් නැඟුණු එඩිතර  හඬක් ලෙසයි.

අපේ ජීවිතයේ බොහෝ මතකයන්ට හඬක් වූ, පරම්පරා ගණනාවක් ආදරයෙන් වැළඳගත්, ශ්‍රී ලාංකේය ගීත කලාවේ අමරණීය පරිච්ඡේදයක් සනිටුහන් කළ ආචාර්ය නන්දා මාලනී මහත්මියට මගේ ගෞරවයත්, ආදරයත් පුද කරමි.  එතුමියට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

එතුමියගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලුදෙනාටත්, එතුමියගේ ගී හඬට ආදරය කළ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටත් මාගේ බලවත් සංවේගය පළ කරමි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට