
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද වියළි ඉඟුරු, එනසාල් පොතු සහ කෘමිනාශක දියර අඩංගු බෝතල් තොගයක් තලවිල වෙරළේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඒ, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කල්පිටිය, තලවිල වෙරළ ප්‍රදේශයේ අද (20) පෙරවරුවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීය.
එහිදී වෙරළ ප්‍රදේශයේ අතහැර දමා තිබූ සැක කටයුතු පාර්සල් දහසයක් පරීක්ෂාවට ලක් කර ඇත.
එම පාර්සල් තුළ තිබී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද වියළි ඉඟුරු කැබලි කිලෝග්‍රෑම් 591ක්, එනසාල් පොතු කිලෝග්‍රෑම් 75)ක් සහ කෘමිනාශක දියර අඩංගු බෝතල් 300ක් සොයා ගන්නා ලදී.
ඒ අනුව, නාවික හමුදා භාරයට ගත් මෙම භාණ්ඩ තොගය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීම සඳහා කල්පිටිය පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද වියළි ඉඟුරු, එනසාල් පොතු සහ කෘමිනාශක දියර අඩංගු බෝතල් තොගයක් තලවිල වෙරළේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ. ඒ, තලවිල වෙරළේදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි ඉඟුරු, එනසාල් පොතු සහ කෘමිනාශක දියර තොගයක් නාවික හමුදා භාරයට










































