
2026 මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහැර මීට සුළු වේලාවකට පෙර වීථි සංචාරය ආරම්භ කළේය.
ඒ අනුව එය ශ්‍රී දළදා වීදිය, ඩී.එස් සේනානායක වීදිය, ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය හා ඊ.එල් සේනානායක වීදිය හරහා ගමන් කර රජ වීදිය ඔස්සේ ඉහළට විත් ගෙවදීමට නියමිතය.
'මියන්රාජා' විසින් ප්‍රථම වතාවට අද (20) දින ඇසළ පෙරහරක සධාතුක කරඬු වහන්සේ වැඩමවනු ලබයි.
දෙවැනි කුඹල් පෙරහැර ඊයේ (19) වීථි සංචාරය කළ අතර සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ජනරාජා ඇතු විසිනි.
නාථ දේවාලයේ බස්නායක ඒ.ඩබ්ලියු.එස්.බණ්ඩාරනායක මහතා ශ්‍රි දළදා මාලිගාව නියෝජනය කරමින් පෙරහැරේ ගමන් ගත්තේය.
වසර 25ක කාලයකට පසු ජනරාජා ඇතු සධාතුක කරඩුව වැඩම කිරීමේ භාග්‍ය හිමිකර ගැනීම මෙවර හිමි වූ විශේෂ අවස්ථාවකි.










































