header logo
SLIC
උණුසුම් පුවත්
Aegis Lexicon 2026 සම්මන්ත්‍රණය සාර්ථකව අවසන්
2h ago
Aegis Lexicon 2026 සම්මන්ත්‍රණය සාර්ථකව අවසන්
EDEX

ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්‍ෂක සයිබර් විධානය මගින් සංවිධානය කරන ලද "Aegis Lexicon 2026" වාර්ෂික ආරක්‍ෂක සයිබර් සම්මන්ත්‍රණය සාර්ථකව පවත්වා තිබේ.

මෙය විශ්‍රාමික ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා විශ්‍රාමික ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද සහභාගී විය.

මෙහිදී අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා යාවත්කාලීන වන ආරක්‍ෂක සන්දර්භය තුළ සයිබර් ආරක්‍ෂණයේ ඇති වැදගත්කම අවධාරණය කළේය.

Aegis Lexicon යනු ආරක්‍ෂක සයිබර් විධානයේ ප්‍රධානතම සයිබර් ආරක්ෂණ වැඩසටහන බවට පත්ව ඇති බවත්, එය සයිබර් ආරක්ෂණ දැනුවත්භාවය, තාක්ෂණික කුසලතා සහ ඔරොත්තුදීමේ හැකියාව ඉහළ නැංවීමට මෙන්ම, ආරක්ෂක අංශ අතර සහයෝගීතාව වර්ධනය කිරීමට මහෝපකාරී වන වේදිකාවක් ලෙස ක්‍රියාකරන බවත්, එතුමන් වැඩිදුරටත් සඳහන් කළේය.

ආරක්‍ෂක සයිබර් බලකායේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ධම්මික විදානලාගේ විසින් ආරම්භක දේශනය පවත්වන ලදි.

"Shaping the Future Battlespace Towards the Singularity" යන තේමාව යටතේ මෙවර සම්මන්ත්‍රනය පැවැත්වූ අතර, ජාතික ආරක්ෂාව කෙරෙහි සයිබර් ආරක්‍ෂණයේ ඇති බලපෑම, නැගී එන තාක්ෂණික දියුණුව සහ වත්මන් අභියෝග කෙරෙහි එහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.

ප්‍රවීණ දේශන සහ සමූහ සාකච්ඡා රැසකින් සමන්විත වූ මෙම වැඩසටහනේදී සයිබර් ආරක්‍ෂණය, නැගී එන තාක්ෂණයන් සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රධාන කරුණු රැසක් සාකච්ඡා කර තිබේ.

Aegis Lexicon වැඩසටහන් මාලාව හරහා දැනුම හුවමාරු කර ගැනීමට, වෘත්තීය සංවාද ගොඩනැගීමට සහ යාවත්කාලීන වන සයිබර් තර්ජන පිළිබඳ දැනුවත්භාවය වැඩිදියුණු කිරීමට අඛණ්ඩව අවස්ථාව හිමිවන අතර, එමගින් ජාතික ආරක්‍ෂක ක්ෂේත්‍රයේ සයිබර් සූදානම සහ ඔරොත්තුදීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීමට දායකත්වය සැපයේ.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදාපතිතුමා, ගුවන් හමුදාපතිතුමා, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වී තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට