
ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල යළිත් වරක් ඉහළ ගොස් තිබේ.
ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව ආර්ථික යුද්ධයක් ආරම්භ කරන බව අනතුරු ඇඟවීම සහ එක්සත් අරාබිය ඉරානය සමග සිදු කරන වාණිජ කටයුතු අත්හිටුවීමට පියවර ගැනීම සමගයි.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 94ක් දක්වාත් WTI වර්ගයේ ඉන්ධන බැරලයක මිල ඩොලර් 87 දක්වා ද ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.










































