header logo
SLIC
උණුසුම් පුවත්
පිළිකා රෝගීන්ට දෙන ඖෂධයක හිඟයක්
3h ago
පිළිකා රෝගීන්ට දෙන ඖෂධයක හිඟයක්
EDEX

පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය ෆිල්ගැස්ට්‍රිම් එන්නත් හිඟය සහ ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අද (20)  පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් සිදු විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, පසුගිය ජූලි මස සිට රජයේ රෝහල් පද්ධතිය තුළ මෙම ඖෂධයේ හිඟයක් පවතින බවය.

මෙරට වාර්ෂික ෆිල්ගැස්ට්‍රිම් එන්නත් අවශ්‍යතාව ලක්ෂ 3ක් වන අතර, මහරගම අපේක්ෂා රෝහල සඳහා පමණක් මාසිකව එන්නත් 9,750ක් සහ දෛනිකව එන්නත් 325ක් අවශ්‍ය වන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේය.

2026 වසර සඳහා ඇණවුම් කරන ලද එන්නත් 160,000ක තොගය පසුගිය ජූලි 28 වන දින මෙරටට ලැබුණද එය ලියාපදිංචි ඖෂධයේ අවශ්‍යතා සපුරා නොමැති බැවින් ප්‍රතික්ෂ්කේප වීම මෙම හිඟයට ප්‍රධානතම හේතුව වී ඇති බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අදාළ එන්නත් තොගයෙහි ප්‍රී-ෆිල්ඩ් සිරින්ජයේ ලේබලය මුද්‍රණය කර නොතිබීම මේ සඳහා හේතු වී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී ඔහු පැවසුවේ එය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කොන්දේසිවලට අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රධාන දෝෂයක් ලෙස සලකා ප්‍රතික්ෂේප කර ඇති බවය.

අදාළ ඖෂධ තොගය නැවත ලේබල් කිරීම සඳහා චීනයට යවා ගෙන්වා ගැනීමට සති 6ක පමණ කාලයක් ගතවන බැවින්, පවතින හිඟයට පිළියම් ලෙස ඉල්ලුම් කළ රෝහල් සඳහා ප්‍රාදේශීයව මිලදී ගැනීම් සිදු කිරීමට ද අවසර ලබා දී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ පිළිකා සහ රුධිර රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගම්වල නිර්දේශ මත අදාළ එන්නත් තොගය භාවිතයට ගැනීමට ඇති හැකියාව පිළිබඳවද ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවය.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ අසරණ රෝගීන්ට පෞද්ගලික ඔසුසල්වලින් රුපියල් 17,000ත් 23,000ත් අතර අධික මුදලකට මෙම එන්නත් මිලදී ගැනීමට සිදුව ඇති බැවින්, රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට වහාම විධිමත් විසඳුමක් ලබා දෙන ලෙස ද මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට