
ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ප්‍රජා දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් නව ප්‍රජා බලකරණ නියමු ව්‍යාපෘතියක් හෙට (21) සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ප්‍රජා බලකරණය සඳහා වෙනසක් වෙනුවෙන් සන්නිවේදන මූලධර්ම භාවිත කරමින් ක්‍රියාත්මක කෙරෙන මෙම නියමු ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඩෙංගු මර්දන වැඩසටහන් වඩාත් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාවගේ චර්යා වෙනසක් ඇති කිරීමේ නව මංපෙත් හඳුනාගැනීම මෙහි ප්‍රධාන අරමුණක් වේ.
ඒ සඳහා නව ආරක වැඩසටහනක් ලෙස චර්යා වෙනසක් ඇති කිරීම සම්බන්ධයෙන් සමීක්ෂණයක්ද දියත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම ප්‍රජා බලකරණ නියමු ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය හෙට පෙරවරු 9.00ට බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම අවස්ථාවට ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් රැසක් සහභාගී වීමට නියමිතය.
ඩෙංගු මර්දනය සඳහා රජයේ වැඩසටහන් සමඟ ජනතාවගේ සක්‍රීය සහභාගීත්වය අත්‍යවශ්‍ය බැවින්, මෙම නියමු ව්‍යාපෘතිය හරහා ප්‍රජාව වඩාත් සක්‍රීයව ඩෙංගු මර්දන ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමට අපේක්ෂා කෙරේ.










































