header logo
SLIC
උණුසුම් පුවත්
පවතින වියළි කාලගුණයෙන් පුද්ගලයින් 81,605ක් පීඩාවට
47m ago
පවතින වියළි කාලගුණයෙන්  පුද්ගලයින් 81,605ක් පීඩාවට
EDEX

දිවයිනට බලපා ඇති එල් නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක ජනතාවට බලපෑම් එල්ල වී ඇති බව  ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් ධනංසූරිය මහතා පවසයි.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22කට අයත් පවුල් 25,563ක පුද්ගලයින් 81,605දෙනෙකු වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව ද ඒ මහතා සඳහන් කළේය.

එල් නිනෝ තත්වය හා ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම පිළිබඳ අද (20) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

අම්පාර, පොළොන්නරුව, මඩකලපුව, බදුල්ල, මොනරාගල, හම්බන්තොට සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාව මෙම වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවද ප්‍රගීත් ධනංසූරිය මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මේ වන විටත් නිකුත් කර ඇති බවය.

පවතින වියළි කාලගුණය හමුවේ ජනතාවගේ පානීය සහ සනීපාරක්ෂක අවශ්‍යතා වෙනුවෙන් ලබා දෙන ජල ප්‍රමාණය ඉහළ නැංවීමට ද රජය පියවර ගෙන ඇති බව ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයා මෙහිදී පැවසීය.

මීට ඉහතදී දිනකට එක් පුද්ගලයෙකු සඳහා ලීටර් 6ක ජල ප්‍රමාණයක් ලබා දී ඇති අතර එය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දිනකට ලීටර් 15 බැගින් ජලය ලබා දීමට උපදෙස් ලබා දී ඇති බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

යම් ප්‍රදේශයකට ජලය ලබා දීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය ප්‍රාදේශීය ලේකම්, වෛද්‍ය සෞඛ්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ ආපදා සහන සේවා නිලධාරීන්ගෙන් සමන්විත කමිටුව වෙත පවරා ඇත.

ජල සහන සැපයීම වෙනුවෙන් මේ වන විට ජල බවුසර් 324 ක් යොදවා ඇති අතර, ඒවා ප්‍රමාණවත් නොවන්නේ නම් පළාත් පාලන ආයතන සහ ආරක්ෂක අංශ සතු ජල බවුසර් ද ලබා ගැනීමට උපදෙස් දී ඇති බව ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් ධනංසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ මහතා සඳහන් කර සිටියේ පවතින වියළි කාලගුණික තත්ත්වයට සහ ඉන් පසුව ඇති විය හැකි අධික වර්ෂාපතනය හේතුවෙන් සිදුවන ආපදාවලට සහන සැලසීමට අයවැයෙන් රුපියල් මිලියන 4,800ක මුදලක් වෙන් කර ඇති බවය.

එමෙන්ම යම් ප්‍රදේශයකට පානීය ජල ගැටලුවක් පවතින්නේ නම්, ඒ පිළිබඳව වහාම අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කර අවශ්‍ය සහන ලබා ගන්නා ලෙස ද ඔහු මෙහිදී පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට