
අවදානම් නිවේදන නිකුත් කර තිබියදී මුහුදු ගිය ධීවර යාත්‍රාවක් හලාවත මෝයේදී අනතුරට ලක්වී ධීවරයෙකු අතුරුදන් වී තිබේ.
අද (20) අලුයම 06ට පමණ සිදු වී ඇති මෙම අනතුරින් අතුරුදන්ව ඇත්තේ හලාවත සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙකුය.
අනතුරින් එක් ධීවරයෙකු බේරා ගැනීමට හැකි වී ඇති අතර ඔහු මේ සම්බන්ධයෙන් හලාවත පොලීසියට පැමිණිලි කිරීමට පියවර ගෙන තිබේ.
හලාවත අලුත්වත්ත ග්‍රාමයේ ධීවරයෙකුට අයත් 'රශිමික පුතා' නමැති බෝට්ටුවකින් ඊයේ 19 දහවල් 1ට පමණ මෙම ධීවරයින් දෙදෙනා සඳහා මුහුදු ගොස් ඇත.
අතුරුදන් පුද්ගලයා සොයා ධීවර යාත්‍රා කීපයක් මේ වන විට සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇත.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිරන්තර රළු මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් නිවේදන නිකුත් කර තිබියදී මෙලෙස ධීවර කටයුතු සඳහා යෙදීම සැළකිලිමත් විය යුතුය.







































