header logo
SLIC
විශේෂාංග
ලෝක සිනමාවට අභියෝගකරමින් තිරගත වීමට නියමිත ඉන්දියාවේ Ramayana
2h ago
ලෝක සිනමාවට අභියෝගකරමින් තිරගත වීමට නියමිත ඉන්දියාවේ Ramayana
EDEX

චිත්‍රපට ලෝකයේ සුපීරියාර් වීර කතා සහ ළමා සජීවීකරණ මැද, පුරාණ කාව්‍යයක අපූරු නිර්මාණයක් වන ක්‍රිස්ටෝපර් නෝලන්ගේ 'The Odyssey' චිත්‍රපටය මේ වන විට බොක්ස් ඔෆිස් වාර්තා අතර පෙරමුණ ගෙන සිටී.

නමුත් මේ වන විට එයට අභියෝගයක් කරමින් ඉන්දියාවේ පුරාණ වීර කාව්‍යයක් වන හින්ඳු ජනතාවගේ මුදුන්මල්කඩ බදු 'රාමායණය' අලලා නිර්මාණය වූ 'Ramayana' චිත්‍රපටය ලොව පුරා තිරගත වීමට නියමිතව ඇත.

හින්දු දේව කතාවල එන 'රාමායණය' පාදක කරගත් මෙම නව චිත්‍රපට මාලාවේ පළමු කොටස ලෝකවාසී හින්දු භක්තිකයන්ගේ දීපවාලි උත්සවයට සමගාමීව මේ වසරේ නොවැම්බර් මාසයේදී ගෝලීය වශයෙන් තිරගත කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම චිත්‍රපටය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200 සිට 250 දක්වා දැවැන්ත මුදලක් වැය කර ඇති අතර, එය ඉන්දීය සිනමා ඉතිහාසයේ වාර්තාගත වැඩිම නිෂ්පාදන වියදම වේ.

රාම ලෙස ඉන්දීයාවේ ප්‍රධාන පෙළේ නළුවෙකු වන රන්බීර් කපූර් , රාවණ ලෙස යෂ් ද, සීතා ලෙස සායි පල්ලවි ද ප්‍රධාන චරිත නිරූපණය කරති.

ඔස්කාර් සම්මානලාභී සංගීත අධ්‍යක්ෂවරුන් වන හැන්ස් සිමර් (Hans Zimmer) සහ ඒ.ආර්. රහ්මාන් මෙහි සංගීතයෙන් දායක වී ඇති බව සඳහන් වේ.  

නිතේෂ් තිවාරි විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම චිත්‍රපටය, නමිත් මල්හෝත්‍රා සහ ප්‍රයිම් ෆෝකස් ස්ටුඩියෝස් (Prime Focus Studios / DNEG) සමඟ මොන්ස්ටර් මයින්ඩ් ක්‍රියේෂන්ස් (Monster Mind Creations) එකමුතුවෙන් නිෂ්පාදනය කරයි.  

නව තාක්ෂණය සහ ගෝලීය ප්‍රවේශය මෙම සිනමා කෘතියේ වඩාත්ම අපූරු අංගයක් වන්නේ DNEG ආයතනය විසින් හඳුන්වා දී ඇති කෘතිම බුද්ධිය මත පදනම් වූ පසු-හඬකැවීමේ  තාක්ෂණයයි.

මෙහිදී නළුවන්ගේ මුවින් පිටවන වචනවලට අදාළව ඉංග්‍රීසි, ස්පාඤ්ඤ සහ මැන්ඩරින් වැනි විවිධ භාෂාවලින් කතා කරන විට ඔවුන්ගේ මුව දෙතොල් චලනයන් ඉතාම නිවැරදිව සමපාත වන අයුරින් සකසා තිබීම විශේෂත්වයකි.

"මෙය ඉන්දියාවේ සිට ලෝකය වෙනුවෙන්ම තනන ලද්දකි" යැයි නිෂ්පාදක නමිත් මල්හෝත්‍රා පවසයි.

ආගමික භේදයකින් තොරව සදාචාරාත්මක සහ මිනිස් සබඳතා මූලික කරගත් මෙම නිර්මාණය, ලෝක සිනමාවේ නව සන්ධිස්ථානයක් වනු ඇතැයි සිනමා විචාරකයෝ අනුමාන කරති.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට