
කිලිනොච්චිය, භාරතීපුරම් ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කිලිනොච්චිය පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඔවුන් අවුරුදු 32ත් 58ත් අතර වයස්වල පසුවන මුන්දලම, උකුවෙල, දුම්මලසූරිය, පිළියන්දල,යාපනය, මාදම්පේ හා කෙසෙල්වත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.







































