header logo
SLIC
උණුසුම් පුවත්
ප්‍රතිසංස්කරණවලදී සියලු දරුවන්ට උසස් අධ්‍යාපන අවස්ථා සකස් විය යුතුයි - අගමැති
3h ago
ප්‍රතිසංස්කරණවලදී සියලු දරුවන්ට උසස් අධ්‍යාපන අවස්ථා සකස් විය යුතුයි - අගමැති
EDEX

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව පවතින ක්‍රමය වෙනුවට නිර්මාණය වන නව අධ්‍යාපන පද්ධතිය තුළින්, සියලුම දරුවන්ට උපාධිය ලබා ගැනීම දක්වා යා හැකි මාර්ග සකස් විය යුතු බවත්, ඒ වෙනුවෙන් අදාළ විෂයන් නිසි පරිදි ස්ථානගත විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් සහ සමස්ත ලංකා හෙද සංගමයේ නිලධාරීන් සමඟ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමිය මෙම අදහස් පළ කළාය.

හෙද වෘත්තීය අධ්‍යාපනය ඩිප්ලෝමාවකට සීමා නොවී උපාධිය ලබා දීම දක්වා ඉහළ නැංවීම සහ ඒ සඳහා අවශ්‍ය උසස් අධ්‍යාපන පහසුකම් ඇති කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ඒ සඳහා පත් කරන ලද කමිටුවේ වාර්තාව කඩිනමින් ලබාදීම සහ හෙද උපාධිය ලබා දීම සඳහා වන අධ්‍යාපන මාර්ග සිතියම සකස් කිරීම පිළිබඳවද විශේෂ අවධානයක් යොමු විය.

ශාස්ත්‍රීය අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය යනු අරමුණු අතින් වෙනස් වන මාර්ග දෙකක් බව අවබෝධ කර ගනිමින්, එම මාර්ග දෙකෙන්ම දරුවන්ට උපාධියක් ලබා ගැනීමට සහ වෘත්තියකට පිවිසීමට ක්‍රමවේද සකස් විය යුතු බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් වෘත්තිය අධ්‍යාපනය හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් වෘත්තීන් වන සාත්තු සේවක සහ වැඩිහිටි සුරැකුම් සේවා වැනි ක්ෂේත්‍රවල නියැලෙන්නන්ටද උසස් අධ්‍යාපනය දක්වා හැදැරීමට හැකි වන පරිදි අධ්‍යාපන ක්‍රමවේදය සැකසීමේ වැදගත්කම ඇය අවධාරණය කළාය.

හෙද උපාධිය ලබා දීම තුළින් සෞඛ්‍ය පද්ධතිය, අධ්‍යාපන පද්ධතිය මෙන්ම හෙද සේවාවේ ගුණාත්මකභාවයද එකවර සංවර්ධනය වන පරිදි කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට