header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
විශේෂාංග
සාරානාත් පුදබිම යුනෙස්කෝ ලෝක උරුමක් ලෙස නම් කරයි
Jul 28, 202611:01 AM
සාරානාත් පුදබිම යුනෙස්කෝ ලෝක උරුමක් ලෙස නම් කරයි
Mobitel 1278

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි පිහිටා ඇති ඓතිහාසික බෞද්ධ පුදබිමක් වන සාරානාත් ස්මාරකය, නිල වශයෙන් යුනෙස්කෝ (UNESCO) ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

මෙය මෙම ලැයිස්තුවට එක් වූ ඉන්දියාවේ 45 වැනි ස්මාරකය බව සඳහන් වේ.

අප තථාගත බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් පසු බරණැසට වැඩම කොට පස්වග තවුසන්ට ප්‍රථම ධර්ම දේශනාව එනම් දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළේ සාරානාත් පුදබිමේ දීය.

බුද්ධත්වයට පත්වීමෙන් පසු, බුදුරජාණන් වහන්සේ තමන් වටහාගත් සත්‍යය ලෝකයාට දේශනා කිරීමට තීරණය කළ අතර, ඒ සඳහා බරණැස අසල පිහිටි සාරානාත් වනය තෝරා ගත්හ.

වරනාසියේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටි සාරානාත් පුදබිම අද වන විටත් පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතුව සංරක්ෂණය කර ඇත.

බුදුන් වහන්සේ ප්‍රථම දම්සක් දෙසුම පූජා කළ ස්ථානය සනිටුහන් කරන ධමේඛ ස්ථූපය , මුලගන්ධකුටි විහාරය සහ චෞඛණ්ඩි ස්ථූපය මෙහි විශේෂ ස්ථාන ගනී.

ක්‍රිස්තු පූර්ව 273ත් 232ත් අතර කාලයේදී අශෝක අධිරාජ්‍යයා විසින් ඉදිකරන ලද සිංහ ස්තම්භය මෙහි ඇති තවත් වැදගත් අංගයකි.

එහි ඇති සිංහ මූර්තිය වර්තමානයේ ඉන්දියාවේ ජාතික ලාංඡනය ලෙස භාවිත කෙරේ.

මේ අතර, සාරනාත් පුද බිමේ ධම්මික ස්තූපය (Dhamek Stu‍pa) ලෝක උරුමයක් ලෙස නම් කිරීමට කැප වී කටයුතු කළ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රමුඛ ඉන්දීය රජයට සහ යුනෙස්කෝ මහලේකම් Khaled El-Enany මහතාට ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සහ ශ්‍රී ලංකාව ඇතුළු ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පුණ්‍යානුමෝදනා පූර්වක කෘතඥතාවය පුද කරන බව, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක සාංචි චේතියගිරි විහාරාධිපති අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්, 1931 සාරනාත් පුදබිමේ මූලගන්ධිකුටි විහාරය ඉදිකොට සියවස් ගණනාවක් සැඟවී තිබූ මෙම පුදබිම යළි ලෝක බෞද්ධ ජනතාවට උරුමකර දුන්නේය.

ශ්‍රීමත් ධර්මපාලතුමන් හෙවත් සිරි දේවමිත්ත ධම්මපාල හිමියන් ඉන්දියාවේ බුදු දහම නගා සිටුවීමට සහ දඹදිව පූජනීය බෞද්ධ පුදබිම් ආරක්ෂා කිරීමට ගෙනගිය දැවැන්ත මෙහෙවර අවසාන සහ වඩාත්ම අධ්‍යාත්මික අවධිය උන් වහන්සේ ගත කළේ සාරනාත් පුද බිමේය.

ශ්‍රීමත් ධර්මපාලතුමන් පැවිදි දිවියට ඇතුළත්ව උපසම්පදාව ලැබුවේ ද අවසානයේ අපවත් වූයේ ද සරනාත් පුදබිමේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ බානගල උපතිස්ස නා හිමියන් පැවසුවේ, "යටපත් දී තිබූ ධම්මික ස්තූපය හෙවත් ධමෙක් ස්ථූපය 1835-36 කාලයේදී මතු කර ගනු ලැබූයේ ශ්‍රීමත් අලෙක්සැන්ඩර් කණින් හැම් මහතාය. පැවිදිවීම සඳහා දඹදිවට ගිය මා බරණැස මහාබෝධි විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබුවේ ද සාරනාත් පුදබිමේ සිටය. එකල එහි පුරාවිද්‍යා කැණීම් ක⁣ළ මනි නැමති මා හිතවත් පුරාවිද්‍යා නිලධාරියෙකි. ඔහු කැණීම් කරන ආකාරය මම හැමදාම බලාගෙන හිටියා. පසු කලක පුරාවිද්‍යා උපාධිය කිරීමට මට ආසාව ඇති වූයේ ඔහු එම කැණීම් කටයුතු කරන අයුරු දැකීමෙන්" යනුවෙනි.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjED3RJLPRHBBmo_jMJuT9T1Mxz1lFAYwP397611qC2cTD-1hLxTFWIkAGAEzBR40cr5m35gnvMMWijpubulNC45oG03MXlNiebDCdW77HUFVrcJ1mJdcz_H7pg6FZjvoQ0VdUcpCPbQLGfa00lH5WImSO3jlbWbxS-YsgSWLb40m3vEofJYNMBWMza2yXJ/s1600/1.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEis4cz6xdKe9Si8dfwgXhz18OOqCBOQPI1i8fZexUGdF_ZW4aOsNE0TRP7-FgaAiMfY4_grEoSfOGDLS5UDQ-OPTVoNV5zE-KhyphenhyphenXwbSGrq-GBFfguj6SLkzEtiEdw7Q05f8dQJ4egUbdaWbFD_B323cf4EDMq6UJF09RnsasGge4SEqwUNRgk04EsjCw_1A/s1600/2.jpg

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

"පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

"සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

Lassana Flora
Spotlight
  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ