header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
පැහැරගත් චීන ජාතිකයාගේ මළසිරුර ඇහැළියගොඩින් හමුවෙයි - රට පනින්න හැදූ චීන්නු දෙන්නෙක් කොටුවෙයි
Jul 23, 202606:41 PM
පැහැරගත් චීන ජාතිකයාගේ මළසිරුර ඇහැළියගොඩින් හමුවෙයි - රට පනින්න හැදූ චීන්නු දෙන්නෙක් කොටුවෙයි
Mobitel 1278

වරාය නගරයේදී චීන ජාතිකයින් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට සැකකෙරෙන තවත් චීන ජාතිකයෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩ කරඳන කැලෑබද ප්‍රදේශයක සඟවා තිබියදී සොයාගැනුණි.

අද අලුයම කොළඹ කොටුව, වරාය නගරයේ මාලු ඇල්ලීම සඳහා කැබ් රථයකින් චීන ජාතිකයින් තිදෙනෙකු පැමිණ තිබුණි.

පසුව වාහන දෙකකින් එම ස්ථානයට පැමිණි තවත් චීන ජාතිකයින් පිරිසක් ඔවුන්ට පහරදී ඇතැයි පොලීසිය පවසයි.

එහිදී පහරදුන් පිරිස එක් චීන ජාතිකයෙකු පැහැරගෙන, ඔවුන් පැමිණි එක් වෑන් රථයක්ද එහිදමා පළාගොස් තිබුණි.

අදාළ වෑන් රථයේ තිබී වායු පිස්තෝලයක් සොයාගැනුණි.

මේ අතර කරඳන ගේට්ටුකඩේ ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සඳහා ගිය ඇහැළියගොඩ පොලිසියේ නිලධාරී කණ්ඩායමක් කැළැබද ප්‍රදේශයක සැකකටයුතු ගල් ගොඩක් හමුව තිබුණි.

එහි ඇතුළත මිනිස් අතක කොටසක් තිබෙන ආකාරය දුටු පොලීසිය වහාම එම ස්ථානය පරීක්ෂාවට ලක්කර තිබුණි.

එහිදී අනාවරණය වී තිබුණේ අදාළ ගල්ගොඩෙහි පුද්ගල මළසිරුරක් සඟවා තිබෙන බවය.

එය චීන ජාතිකයෙකුගේ බවට හඳුනාගත් අතර, පසුව තහවුරු වී තිබුණේ අදාළ සිරුර කොළඹ වරාය නගරයේදී පැහැරගත් චීන ජාතිකයාගේ බවටය.

ඒ අනුව සිරුර වැඩිදුර විමර්ශන සඳහා අද පස්වරුවේ අවිස්සාවේල්ල රෝහල වෙත රැගෙන ගියේය.

මළ සිරුර හමුවූ ස්ථානය ආසන්නයේ තිබී මෝටර් රථයක්ද සොයාගෙන ඇති අතර එය සැකකාර චීන ජාතිකයින් පිරිස මෘත දේහය රැගෙන ඒම සඳහා භාවිත කළ එකක් බවට සැකකෙරේ.

මේ අතර සිද්ධියට සම්බන්ධ බවට සැක චීන ජාතිකයන් දෙදෙනෙකු මෙරටින් පළායාමට සඳහා යමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ ආසන්නයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.වුට්ලර් මහතා සඳහන් කළේය.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා වෙරළබඩ පොලීසියට රැගෙනවිත් ඇති අතර, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය පවසයි.

චීන ජාතිකයින් අතර ගැටුමට හේතුව මෙතෙක් අනාවරණවී නොමැත.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්විමන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් කරුණු තහවුරුකර ගැනීම සඳහා කඩිනමින් පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලා සිටින බවය.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ චීන පුරවැසියන්ගේ පුද්ගලික ආරක්ෂාව මෙන්ම ඔවුන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා සුරක්ෂිත කරන ලෙසද පොලිසියෙන් ඉල්ලා සිටින බවය.

චීන තානාපති කාර්යාලය මෙම සිද්ධිය පිළිබඳව සමීපව අවධානයෙන් පසුවන අතර, කරුණු කාරණා තහවුරු කර ගැනීම සඳහා කඩිනමින් පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙසත්, චීන පුරවැසියන්ගේ පුද්ගලික ආරක්ෂාව මෙන්ම ඔවුන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා සුරක්ෂිත කරන ලෙසත් ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ වෙසෙන චීන පුරවැසියන් තම ආරක්ෂාව පිළිබඳව වඩාත් අවධානයෙන් හා දැනුවත්ව සිටිය යුතු බවත්, හදිසි අවස්ථාවකදී වහාම පොලීසියට දැනුම් දෙන ලෙසත්, සහාය සඳහා තානාපති කාර්යාලය හා සම්බන්ධ වන ලෙසත් තානාපති කාර්යාලය ඔවුන්ට මතක් කර දෙයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පුංචි ලෝකාන්තයෙන් පහළට වැටී අතුරුදන් වුණු තරුණයාගේ සිරුර ගොඩගත් අසීරු මෙහෙයුම...

පුංචි ලෝකාන්තයෙන් පහළට වැටී අතුරුදන් වුණු තරුණයාගේ සිරුර ගොඩගත් අසීරු මෙහෙයුම...

 "මොන රාජපක්ෂද? මොන වික්‍රමසිංහද අදාළ නෑ"

"මොන රාජපක්ෂද? මොන වික්‍රමසිංහද අදාළ නෑ"

 "අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ආරම්භ කරනවා" "මගීන්ගෙන් ඇහුවොත් ලුණු ඇඹුල් ඇතිව කියයි"

"අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ආරම්භ කරනවා" "මගීන්ගෙන් ඇහුවොත් ලුණු ඇඹුල් ඇතිව කියයි"

 රුමේෂ්ගේ හෙල්ලවලට සිදු වූ හානිය ප්‍රතිපූර්ණයට Turkish Airlines තීරණය කරයි

රුමේෂ්ගේ හෙල්ලවලට සිදු වූ හානිය ප්‍රතිපූර්ණයට Turkish Airlines තීරණය කරයි

 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල