header logo
Vallibel FD
උණුසුම් පුවත්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
Jul 21, 202609:08 PM
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
Mobitel 1278

හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ ගින්නක් හටගත් කර්මාන්තශාලාව 2024 වසරෙන් පසු පරිසර ආරක්ෂණ බලපත්‍රය යාවත්කාලීන කර නොමැති බවත්, හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා සැලැස්මක් පවා සකස් කර නොතිබූ බවත් මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

2010 වසරේ ආරම්භ කර ඇති මෙම කර්මාන්තශාලාවට 2024 වසරෙන් පසු පරිසර ආරක්ෂණ බලපත්‍රය යාවත්කාලීන කර නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය තහවුරු කර තිබේ.

කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු සඳහා භාවිත කරන PVC ඇතුළු රසායනික ද්‍රව්‍ය ගිනිගැනීමකදී මිනිස් සිරුරට අහිතකර රසායනික සංයෝග ඇති කළ හැකි බැවින්, පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් නොකිරීමට එයද එක් හේතුවක් වී ඇති බව සඳහන් වේ.

එමෙන්ම, පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගැනීම සඳහා සපුරාලිය යුතු නිර්ණායක වන ශබ්ද හා වායු තත්ත්ව විශ්ලේෂණ වාර්තා සහ අපද්‍රව්‍ය බැහැර කිරීමේ වාර්තාවක්ද අදාළ කර්මාන්තශාලාව විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත ඉදිරිපත් කර නොමැති බව එහි නිලධාරියෙකු සඳහන් කළේය.

හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා අවශ්‍ය සැලැස්මක්ද කර්මාන්තශාලාව විසින් සකස් කර නොතිබූ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

අදාළ නිර්ණායක සම්පූර්ණ කර පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගන්නා ලෙස අවස්ථා කිහිපයකදී කර්මාන්තශාලා පාලනාධිකාරියට දැනුම් දී ඇති අතර, අවසන් වරට පසුගිය ජූලි 2 වනදාද ඒ සම්බන්ධයෙන් සිහි කැඳවීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදන කර්මාන්තශාලාවක අද පෙරවරුවේ හටගත් ගින්නකින් පුද්ගලයන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

ගින්න හටගන්නා අවස්ථාවේ කර්මාන්තශාලාව තුළ සේවකයන් 80කට අධික පිරිසක් සිට ඇති බව වාර්තා වේ.

පෙරවරු 9.50ට පමණ හටගත් ගින්න පසුව ශීඝ්‍රයෙන් කර්මාන්තශාලාව පුරා පැතිර ගොස් ඇති අතර, අවට ප්‍රදේශය ඝන කළු දුමාරයකින් වැසී ගොස් තිබිණි.

ගින්න පාලනය කිරීම සඳහා කොළඹ, කෝට්ටේ, දෙහිවල–ගල්කිස්ස මහ නගර සභාවල මෙන්ම හොරණ නගර සභාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ රථද යොදවා තිබුණි.

පැය කිහිපයක මෙහෙයුමකින් අනතුරුව ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයන් සමත් විය.

පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී සැක පළ කර ඇත්තේ කර්මාන්තශාලාවේ අභ්‍යන්තරය සිසිල් කිරීම සඳහා යොදා තිබූ විදුලි පංකාවක සිදුවූ විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇති බවයි.

ගින්න හටගන්නා අවස්ථාවේ ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදනය සඳහා භාවිත කරන PVC ඇතුළු රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් කර්මාන්තශාලාව තුළ ගබඩා කර තිබූ බවද අනාවරණ වී ඇත.

ගින්නෙන් පසු අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් රොෂාන් කුරුප්පුආරච්චි මහතා එම ස්ථානය නිරීක්ෂණය කළහ.

ගින්නෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිටි බවට අනාවරණ වූ කර්මාන්තශාලාවේ ඉහළ මහලට වැඩබලන මහේස්ත්‍රාත්වරයා සහ පොලිස් නිලධාරීන් ළඟා වී ඇත්තේ බූම් ට්‍රක් රථයක ආධාරයෙනි.

මේ අතර, කටුවාන කර්මාන්තශාලාවේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

එම විමර්ශනයේදී ගින්නට හේතු වූ කරුණු, කර්මාන්තශාලාවේ ගිනි ආරක්ෂණ සහ වෘත්තීය සුරක්ෂිතතා ප්‍රමිතීන්, සේවක ආරක්ෂාව සඳහා අවශ්‍ය පහසුකම් සහ හදිසි ගැලවීමේ ක්‍රමවේද ඇතුළු කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්