header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
විශේෂාංග
පොලීසියේ ඉහළම පුටුවට ආ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් හෝරා කිහිපය
Jul 17, 202612:44 PM
පොලීසියේ ඉහළම පුටුවට ආ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් හෝරා කිහිපය
Mobitel 1278

ශ්‍රී ලංකා පොලිස් සේවයේ දශක තුනකට අධික කාලයක් සේවය කරමින් දක්ෂ නිලධාරීයෙකු ලෙස වෘත්තීය ජීවිතය ගොඩනැගූ නිලධාරියෙකු ලෙස හිටපු පොලිස්පති චන්දන දිපාල් (සී.ඩී.) වික්‍රමරත්න මහතා සැලකෙයි.

වෘත්තීය දක්ෂතාව, බුද්ධි අංශයේ අත්දැකීම් සහ අධ්‍යාපනික සුදුසුකම් රැසක් සමඟ පොලිස් සේවයේ ඉහළම තනතුරට පැමිණි ඔහුගේ ජීවිතය, විශ්‍රාම ගැනීමෙන් වසර කිහිපයකට පසු සිදුවූ අවාසනාවන්ත මරණයත් සමඟ යළිත් රටේ අවධානයට ලක්ව තිබේ.

ආනන්දයෙන් පොලිස් සේවයට

1963 මාර්තු 26 වැනිදා උපත ලැබූ සී.ඩී. වික්‍රමරත්න මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී (BSc) උපාධිය ලබාගත් ඔහු, 1986 වසරේදී පරිවාස පොලිස් සහකාර අධිකාරීවරයකු (ASP) ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්විය.

බුද්ධි අංශයේ කැපී පෙනුණු නිලධාරියෙක්

පොලිස් සේවයේ වසර 30කට අධික කාලයක් සේවය කර ඇති ඔහු ඉන් වැඩි කාලයක් සේවය කර ඇත්තේ, පොලිස් බුද්ධි අංශයේය.

පසුව ඔහු විවිධ තනතුරු හොබවමින් පොලිස්පති ලෙස පත්වීමට ප්‍රථම දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කළේය.

සී.ඩී. වික්‍රමරත්නගේ අධ්‍යාපනය ගමන

සිය වෘත්තීය ජීවිතය සමඟම අධ්‍යාපනයටද මුල් තැන දුන් සී.ඩී. වික්‍රමරත්න මහතා, ජාතික හා ජාත්‍යන්තර විශ්වවිද්‍යාල තුළින් උසස් අධ්‍යාපනය හරදා තිබේ.

2006 වසරේදී ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යාපනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත්, බ්‍රිතාන්‍යයේ බ්‍රැඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ගැටුම් නිරාකරණය සහ ආරක්ෂක අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධියත් ලබාගෙන ඇත.

මීට අමතරව 2016 වසරේදී ඇමෙරිකාවේ හාර්වඩ් විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලද ගැටලු මුල් කරගත් ප්‍රත්‍යාවර්තී අනුවර්තනය (PDIA) – රාජ්‍ය හැකියාව ගොඩනැගීම වැඩසටහනද සාර්ථකව සම්පූර්ණ කර තිබේ.

එය රාජ්‍ය පරිපාලනය, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීම සඳහා පිරිනමන ජාත්‍යන්තර වෘත්තීය සුදුසුකමකි.

මෙම අධ්‍යාපනික ජයග්‍රහණ ඔහුගේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථාන ලෙස සැලකේ.

පාස්කු ප්‍රහාරයෙන් පසු ලැබුණු වගකීම

2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසුව, 2019 අප්‍රේල් 28 වැනිදා සී.ඩී. වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරිණි.

මාස 18කට ආසන්න කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ඔහු, 2020 නොවැම්බර් 25 වැනිදා ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස නිල වශයෙන් පත්විය.

සේවා දිගු කිහිපයක්

සී.ඩී. වික්‍රමරත්න මහතා 2023 මාර්තු 26 වැනිදා විශ්‍රාම යෑමට නියමිතව සිටියද, රජය විසින් සේවා දිගු කිහිපයක් ලබාදුන්නේය.

පළමු සේවා දිගුව – 2023 මාර්තු 26 සිට ජූනි 26 දක්වා
දෙවන සේවා දිගුව – 2023 ජූනි 27 සිට ඔක්තෝබර් 13 දක්වා
තෙවන සේවා දිගුව – 2023 ඔක්තෝබර් 13 සිට නොවැම්බර් 3 දක්වා
අවසාන සේවා දිගුව – 2023 නොවැම්බර් 3 සිට නොවැම්බර් 25 දක්වා

ඒ අනුව, 2023 නොවැම්බර් 25 වැනිදා ඔහු නිල වශයෙන් පොලිස් සේවයෙන් විශ්‍රාම ගත්තේය.

විශ්‍රාම දිවිය සහ අවාසනාවන්ත අවසානය

විශ්‍රාම ගැනීමෙන් පසු මාලඹේ, තලාහේන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ පදිංචිව සිටි හිටපු පොලිස්පතිවරයා, ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවියෙන් වෙඩිතබාගෙන අද උදෑසන සියදිවි හානිකරගෙන තිබිණි.

වෙඩිවැදීමෙන් බරපතළ තත්ත්වයේ සිටි හිටපු පොලිස්පතිවරයා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බව වාර්තා වෙයි.

විමර්ශන

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර ඇති අතර, මරණයට හේතුව සහ සිද්ධියේ සියලු කරුණු අනාවරණය කර ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය පරීක්ෂණ, මහේස්ත්‍රාත් පරීක්ෂණ සහ අපරාධ පරීක්ෂණ මේ වනවිටත් සිදු කෙරෙමින් පවතී.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

"පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

"සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

Lassana Flora
Spotlight
  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ