header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ලොව හොඳම ආහාර සංචාරක ගමනාන්ත අතර ශ්‍රී ලංකාවත්
Jul 14, 202607:21 AM
ලොව හොඳම ආහාර සංචාරක ගමනාන්ත අතර ශ්‍රී ලංකාවත්
Mobitel 1278

Travel And Tour World (TTW) ආයතනය විසින් 2026 වසර සඳහා ප්‍රකාශයට පත් කරන ලද ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 50 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබේ.

එම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය මෙක්සිකෝවට, දෙවැනි ස්ථානය ඉතාලියට, තෙවැනි ස්ථානය ස්පාඤ්ඤයට සහ 50 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇත.

ආහාර සංස්කෘතික උරුමය, ප්‍රාදේශීය ආහාර විවිධත්වය, වීදි ආහාර සංස්කෘතිය, දේශීය අමුද්‍රව්‍ය භාවිතය, උසස් මට්ටමේ ආහාරපාන, තිරසාරත්වය සහ සංචාරකයන්ට හිමිවන සුවිශේෂී ආහාර අත්දැකීම් ඇතුළු කරුණු පදනම් කර ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සකස් කර ඇති බව Travel And Tour World ආයතනය සඳහන් කරයි.

ඒ අනුව යුරෝපය, ආසියා-පැසිෆික් කලාපය, අමෙරිකානු හා කැරිබියානු, අප්‍රිකාව සහ මැද පෙරදිග ඇතුළු කලාපවල ප්‍රමුඛ ආහාර සංචාරක ගමනාන්ත රැසක් ද මෙවර Top 50 ලැයිස්තුවට ඇතුළත්ව තිබේ.

සුවඳැති කුළුබඩු, දේශීය අමුද්‍රව්‍ය සහ විවිධ සංස්කෘතික ආහාර සම්ප්‍රදායන් හේතුවෙන් ශ්‍රී ලංකාව සංචාරකයින්ට සුවිශේෂී ආහාර අත්දැකීමක් ලබාදෙන රටක් බව එහි සඳහන් වේ.

වීදි ආහාරවල සිට වෙරළබඩ ආපනශාලා දක්වා විවිධ ආහාර රසවිඳීමේ අවස්ථා ශ්‍රී ලංකාව තුළ පවතින බවද Travel And Tour World වාර්තාව මඟින් පෙන්වා දී තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ ආහාර සඳහා හොඳම ස්ථාන 10ක් ද අදාළ වාර්තාවට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

ඒ අනුව, කොළඹ, ගාල්ල, මහනුවර, මීගමුව, ඇල්ල, යාපනය, මිරිස්ස, නුවරඑළිය, හික්කඩුව සහ ත්‍රිකුණාමලය ආහාර සඳහා හොඳම ස්ථාන ලෙස නම්කර ඇත.

කොළඹ බත් සහ ව්‍යංජන, කොත්තු රොටි, ආප්ප සහ නැවුම් මුහුදු ආහාර සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර, ගාල්ල සහ මීගමුව මුහුදු ආහාර රස බැලීමට සුදුසුම ගමනාන්තය ලෙස වාර්තාවේ සඳහන්ය.

මහනුවර සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර සඳහාත්, යාපනය සුවිශේෂී දෙමළ ආහාර රස සඳහාත් ප්‍රසිද්ධියක් උසුලන බව අදාළ වාර්තාවේ දැක්වේ.

එමෙන්ම, ඇල්ල දේශීය අමුද්‍රව්‍ය යොදා ගත් ආහාර සඳහාත්, නුවරඑළිය තේ ආශ්‍රිත ආහාර සහ පැණිරස කෑම සඳහාත්, මිරිස්ස, හික්කඩුව සහ ත්‍රිකුණාමලය වෙරළබඩ නැවුම් මුහුදු ආහාර සඳහාත් කැපී පෙනෙන ආහාර සංචාරක ගමනාන්ත ලෙස වාර්තාවේ සඳහන් කර තිබේ.

MostRead
Mobitel 1278
VideoStories
ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana