යේමනයේ සියලුම ගුවන්තොටුපළවල් වසා දැමීමට නියෝග

යේමනයේ සියලුම ගුවන්තොටුපළවල් වසා දැමීමට නියෝග

July 13, 2026   09:31 pm

යේමනයේ සානා අගනුවර පිහිටි ගුවන්තොටුපළ ඉලක්ක කර ගනිමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් අනතුරුව, නැවත දැනුම් දෙන තුරු රට තුළ ඇති සියලුම ගුවන්තොටුපළවල් ගුවන් ගමනාගමනය සඳහා වසා දැමීමට යේමන සිවිල් ගුවන් සේවා අධිකාරිය නියෝග කර තිබේ.

යේමන් රජය සඳහන් කළේ ඉරාන ගුවන් යානයක් සානා ගුවන්තොටුපළට ගොඩබැස්වීම වැළැක්වීම සඳහා තම ආරක්ෂක බලකායන් විසින් මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බවයි.

මේ සම්බන්ධයෙන් යේමන රජය නිල නිවේදනයක් නිකුත් කරමින් මෙසේ සඳහන් කර ඇත.

"ඉරාන පාලනයේ සහය ලබන හූති ත්‍රස්තවාදී කල්ලි, යේමන ජාතික ගුවන් යානාවලට අගනුවර සානා ගුවන්තොටුපළට ගොඩබැස්වීමට ඉඩ නොදී බාධා කළා. ඔවුන් දිගින් දිගටම උත්සාහ කළේ ඉරාන ගුවන් යානයක් යේමන ගුවන් සීමාව උල්ලංඝනය කරමින් ගොඩබැස්වීමටයි. මේ හේතුව නිසා ගුවන්තොටුපළේ ධාවන පථය ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට අපට සිදු වුණා."

ඉරානය සහ හූති සටන්කාමීන්ගේ මෙම ක්‍රියාවට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ගුවන් පථය විනාශ කර ඇති අතර, කලාපීය ආරක්ෂක තත්ත්වය සලකා යේමනයේ සමස්ත ගුවන් ගමන් මෙහෙයුම් මෙලෙස තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත. මෙම සිදුවීමත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී දේශපාලන සහ යුදමය වාතාවරණය තවදුරටත් දැඩි වී තිබේ.