header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
දකුණු චීන මුහුදේ ගැටලුව පිළිබඳ විනිශ්චයන් දීමට ජපානයට කිසිදු අයිතියක් නොමැති බව චීනය අවධාරණය කරයි
Jul 13, 202608:22 AM
දකුණු චීන මුහුදේ ගැටලුව පිළිබඳ විනිශ්චයන් දීමට ජපානයට කිසිදු අයිතියක් නොමැති බව චීනය අවධාරණය කරයි
Mobitel 1278

දකුණු චීන මුහුද හා සම්බන්ධ ගැටලුව පිළිබඳ විනිශ්චයන් ලබා දීමට ජපානයට කිසිදු අයිතියක් නොමැති බව චීනය දැඩිව අවධාරණය කර සිටී.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කටයුතු දෙපාර්තමේන්තු නිලධාරියෙකු චීනයේ පිහිටි ජපාන තානාපති කාර්යාලයේ ප්‍රධාන අමාත්‍යවරයා කැඳවා කළ අදහස් දැක්වීමකදී මේ බව සඳහන් කර ඇත.

දකුණු චීන මුහුද හා සම්බන්ධ ගැටලුව පිළිබඳව ජපානයට ඓතිහාසික වගකීම් ඇතත්, ඔවුන් ඒ පිළිබඳ කිසිදු තැකීමක් කර නොමැති බැවින්, ඒ පිළිබඳ විනිශ්චයන් දීමට ජපානයට කිසිදු අයිතියක් නොමැති බව චීන පාර්ශ්වය එහිදී පෙන්වා දී තිබේ.

මෙම පියවර ගෙන ඇත්තේ, ඊනියා "දකුණු චීන මුහුදු බේරුම්කරණ තීන්දුව" නිකුත් කර වසර 10කට පසු නැවතත් එය හුවා දැක්වීම සඳහා ජපාන විදේශ අමාත්‍ය තොෂිමිට්සු මොටෙගි (Toshimitsu Motegi) පියවර ගැනීම සහ ජපානය වෙනත් රටවල් සමඟ එක්ව ඒ පිළිබඳ‍ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුවය.

මේ සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය සහ විරෝධය පළ කරමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කටයුතු දෙපාර්තමේන්තුව, අදාළ ජපාන නිලධාරියා වෙත බරපතළ ලෙස කරුණු දැක්වීමක් සිදු කර ඇත.

එහිදී චීනය දැඩිව අවධාරණය කර ඇත්තේ ජපානයේ මෙවැනි අශෝභන ප්‍රකාශ සහ ක්‍රියාවන් පශ්චාත් යුද ජාත්‍යන්තර ක්‍රියාපටිපාටියට සහ ජාත්‍යන්තර නීතියේ ආධිපත්‍යයට ද අභියෝගයක් වන බවය.

එමෙන්ම ජපානයේ මෙම දෙබිඩි පිළිවෙත, දකුණු චීන මුහුදු කලාපයේ සාමය සහ ස්ථාවරත්වය අඩාල කරමින් කලාපීය රටවල පොදු අවශ්‍යතා සහ අභිලාෂයන්ට පටහැනිව ක්‍රියා කරන බව චීනය පවසයි.

ජපානයේ මෙම හැසිරීම, ඔවුන් අතීතයේ සිදු කළ ආක්‍රමණශීලී සහ යටත් විජිත ම්ලේච්ඡ ක්‍රියා සම්බන්ධයෙන් වන ඓතිහාසික සිහි කැඳවීමක් බවත්, එය චීනය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව තුළ යළි තැතිගැන්මක් මෙන්ම දැඩි කෝපයක් ද ඇති කරන බවත් චීනය පෙන්වා දී ඇත.

එබැවින් ජපානයේ මෙම ප්‍රකෝප කිරීම් වෙත චීනය අධිෂ්ඨානශීලීව සහ බලගතුව මුහුණ දෙමින්, සිය භෞමික ස්වෛරීභාවය මෙන්ම සමුද්‍රීය අයිතිවාසිකම් සහ අවශ්‍යතා ස්ථිරව ආරක්ෂා කරන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කර තිබේ.

තවද, තායිවාන ගැටලුව, ජපානය විසින් අතහැර දමා ඇති රසායනික අවි සහ චීනයේ වාර්ගික ප්‍රතිපත්ති යනාදිය සම්බන්ධයෙන් ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිදු කර තිබෙන පදනම් විරහිත ප්‍රකාශ සහ එරට හමුදාව හා ආරක්‍ෂාව සම්බන්ධයෙන් වන ඍණාත්මක ප්‍රවණතා මාලාවක් පිළිබඳව ද චීනය මෙහිදී දැඩි විරෝධය පළ කර ඇත.

MostRead
Mobitel 1278
VideoStories
ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana