header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ගෝඨාගේ පෙත්සම් විභාගය 23 වෙනිදා දක්වා කල් යයි
Jul 09, 202606:42 PM
ගෝඨාගේ පෙත්සම් විභාගය 23 වෙනිදා දක්වා කල් යයි
Mobitel 1278

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 23 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.

ඒ, මෙම පෙත්සම අද (09) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ හතරවන දිනටත් සලකා බැලූ අවස්ථාවේදීය.

එහිදී අදාල පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියාය.

"ස්වාමීනි... පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වග උත්තරකාර ශානි අබේසේකර මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ජනක් ද සිල්වා කොමිසම විසින් නිර්දේශ නිකුත් කර තිබෙන බවට පෙත්සම්කාර පාර්ශ්වය මීට පෙර අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා.

මේක සම්පූර්ණයෙන්ම අධිකරණය නොමග හැරීමක් හැටියට සදහන් කරන්න පුළුවන්. ඒක සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශයක්. මේ කොමිෂන් සභා වාර්තාවේ නොකර හැරීම් යටතේ පොලිස් දෙපාර්තමේන්තුවට අදාලව නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ලෙස කටයුතු කළ සිව් දෙනෙකු සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු පිලිබඳව එහි සඳහන් කර තිබෙනවා.

ඒ අතුරින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව දැනටමත් නීතිපතිවරයා විසින් අපරාධ නඩු ගොනු කර එහි තීන්දුව කල් ලබා තිබෙනවා. නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් නීතිපතිවරයා කරුණු අධ්‍යයනය කරමින් සිටිනවා.

මේ කොමිසම විසින් ඉදිරිපත් කළ නිර්දේශවල වග උත්තරකාර ශානි අබේසේකරට එරෙහිව කිසිවක් ප්‍රකාශ කර නෑ. ඒ නිසා පෙත්සම්කාර පාර්ශවය ඉදිරිපත් කළ එම කරුණු සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ වගේම මේ පෙත්සම්කරු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පත් කළ දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලු පරීක්ෂණ කොමිසම විසින් වග උත්තරකාර ශානි අබේසේකර වරදකරු කර ඇති බව පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

ඒත් ඒ කොමිසමේ නිර්දේශ සියල්ල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කර තිබෙනවා. මුලු කොමිෂන් සභා වාර්තාවම ශ්‍රේෂ්ඨාධිකරණය අහෝසි කර අවසන්. ඒ අනුව පෙත්සම්කරු හිතාමතාම අධිකරණය නොමග යවමින් කරුණු වසන් කිරීමට ක්‍රියා කර තිබෙනවා."

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රකාශ කළේ, ශානි අබේසේකර මහතා ද්වේෂ සහගතව කටයුතු කළ බව තහවුරු කරන කිසිදු සාක්ෂියක් පෙත්සම්කරු විසින් ඉදිරිපත් කර නොමැති බවය.

"ස්වාමීනි....මේ පෙත්සම්කරු ප්‍රකාශ කර තිබෙනවා අසාද් මවුලානා නමැති පුද්ගලයා තමන් හඳුනන්නේ නැති බවට. දේශපාලනයේදී මේ ආකාරයෙන් පුද්ගලයින් හමුවීම සාමාන්‍ය දෙයක් බවත් පෙත්සම්කරුගේ නීතිඥවරු ප්‍රකාශ කර තිබුණා. මේක පිලිගන්න බෑ ස්වාමිනී... මොකද අසාද් මවුලානා කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් නෙවෙයි. ඔහු පිල්ලයාන් ගේ ලේකම් වරයා. ඒ නිසා ඔහු හදුනන්නේ නෑ කියා පෙත්සම්කරුට කියන්න බෑ."

මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් ඇය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

"තමා ජනාධිපතිවරයා ලෙස පත්වූ පසු වග උත්තරකාර ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර මාරු කළ බව ඇතැම් මාධ්‍යවල සඳහන් කර තිබූණේ යැයි පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා. ඒ නිසා වග උත්තරකරු තමා සමග ද්වේෂයෙන් කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙනවා. මේක පිලිගන්න බෑ. මොකද පොලිස් මාරුකිරීම් කරන්නේ ජනාධිපති නෙවෙයි. එම මාරුකිරීම් කරන්නේ ජාතික පොලිස් කොමිසම විසින්. ඒ නිසා පෙත්සම්කරු ඉදිරිපත් කරන තර්කවල කිසිදු පදනමක් නෑ. ශානි අබේසේකර ද්වේෂ සහගතව කටයුතු කළ බව තහවුරු කරන කිසිදු සාක්ෂියක් පෙත්සම්කරු ඉදිරිපත් කර නෑ. නීතිවිරෝධී ලෙස සාක්ෂි නිර්මාණය කළේ යැයි ශානි අබේසේකර අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළා. දැන් ඔහු එම චෝදනා වලින් නිදහස් කර තිබෙනවා. එපමණක් නොව එම සිද්ධියේදී නීති විරෝධී ලෙස ගිනිඅවි තබා ගැනීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනුකර තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමානයේ පැවැත්වෙන්නේ ඉතා සංකීර්ණ විමර්ශනයක්. එය සතියකින් හෝ මාසයකින් අවසන් වේ යැයි කියන්න බෑ. ඊට බාධා රැසකුත් එල්ල වෙලා තිබෙනවා. වර්තමානයේ සේවයේ නිරත පොලිස් නිලධාරියෙකු වැදගත් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. එහි පිටපතක් රහසිගත කවරයක බහා මා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. දුරකථන ඇමතුම් වාර්තා ලබාගැනීම සිදුවෙනවා. වට්ස්ඇප්, ත්‍රිමා වැනි ඇමතුම් ජාල වලින් ලබාගෙන තිබෙන ඇමතුම් ගැනත් විමර්ශනයට භාජනය වී තිබේවා.ඒ සදහා ඇමරිකාවේ එම සමාජ මාධ්‍ය සමාගම් වලත් සහාය ලබා ගැනීම සිදු වෙනවා. ඒ නිසා මේක සංකීර්ණ අවස්ථාවක්.මේ අවස්ථාවේදී පෙත්සම්කරු ඉල්ලා සිටින සහනය ප්‍රදානය කරන්න බෑ.."

ඉන් අනතුරුව පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතැම් ප්‍රතිපාදන දරදඬු බවය.

"ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතැම් ප්‍රතිපාදන දරදඬුයි. ඒ නිසා තමයි සෑම පාර්ශවයක්ම එම පනත සංශෝධනය කළයුතු බව පොරොන්දු වුණේ. මේ පනතෙන් මහේස්ත්‍රාත්වරයා ඉවත් කර තිබෙනවා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉදිරිපත් කරන කරුණු අසා මා තුළ දැඩි කම්පාවක් ඇති වෙනවා"

ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම අධිකරණය විසින් මේ මස 23 වෙනිදා දක්වා කල් තැබීමටද නියම කෙරුණි.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana