header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
විශේෂාංග
වැලිකඩ යළි සිහිකළ මීගමුව
Jul 06, 202605:08 PM
වැලිකඩ යළි සිහිකළ මීගමුව
Mobitel 1278

බන්ධනාගාර තුළ සිදුවන ගැටුම් අපරටේ සුලබ සිද්ධියක් වුවද මින් කතා බහට ලක්වන බන්ධනාගාර ගැටුම් වාර්තා වූයේ 2012 වසරේදීය.

මීට වසර 14කට පෙර සිදුවූ එම සිද්ධියෙන් අනතුරුව වර්තමානයේ අපගේ අවධානයට යොමුව ඇත්තේ මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවී ඇති නොසන්සුන්කාරී තත්ත්වයයි.

2012 වසරේ නොවැම්බර් මස 09වන දින වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියෙන් රැදවියන් 27 දෙනෙකු මියගිය අතර මීගමුව බන්ධනාගාරය තුළ හටගෙන ඇති කලහකාරී තත්ත්වයෙන් මේ දක්වා මියගොස් ඇති සංඛ්‍යාව 25කි.

මීගමුවේ සිද්ධිය

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ පස්වරු 1ට පමණ ගැටුමක් හටගෙන තිබුණි.

රිමාන්ඩ් භාරයේ සිටින රැදවියන් පිරිසක් සහ දඬුවම් ලබා බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම සිදුව ඇති බව පොලීසිය පැවසීය.

ගැටුමින් ඊයේ (05) රාත්‍රීයේදී රැඳවියන් 02 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 38 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබුණි.

ඊයේ ඇතිවූ තත්ත්වයෙන් පසු අද උදෑසන වනවිට බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කර තිබුණද අද (06) යළි එහි නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය වී තිබුණි.

අද යලි උග්‍ර වූ ගැටුමින් මේ වන විට 25දෙනෙකු මරණයට පත්ව ඇති බව සඳහන් වෙයි.

මේ අතර ගැටුම හේතුවෙන් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ අතරින් බරපතළ තත්ත්වයේ පසු වූ 13දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබේ.

මේ අතර, මීගමුව බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත කඩිනමින් මාරුකර යැවීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ අද (06) දින උදෑසන රැඳවියන් අතර නැවතත් ගැටුමක් හට ගෙන තිබූ අතර එය මැඩපැවැත්වීමට ගිය බන්ධනාගාර නිලධාරීන්ට පහරදීමට පටන්ගෙන ඇති බවය.

එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් ප්‍රධාන දොරටුව දෙසට දිවවිත් ඇති අතර එහිදී රැඳවියන් ඔවුන් පසුපස පන්නාගෙන පහරදීම සිදුකර තිබේ.

රැඳවියන් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව කැඩීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් අවම බලය යොදා රැඳවියන්ව පාලනය කිරීමට කටයුතු කර ඇත.

බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා පැවසුවේ අද උදෑසන රැඳවියන්ට ආහාර ලබාදීමට ගිය බන්ධනාගාර රැඳවියන්ට මෙලෙස පහර දී ඇති බවය.

ගැටුම සිදුවන අවස්ථාවේදී රැඳවියන් බන්ධනාගාරයේ ඉදිරි දොරටුවෙන් පිටතට ඒමට උත්සාහ කර ඇති අතර තත්ත්වය පාලනය සඳහා පොලීසිය සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායද යොදවනු ලැබීය.

මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම "බූරු මූණා" නම් පාතාල කල්ලි සාමාජිකයා සමඟ සමීප සබඳතා පවත්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සුරේෂ් නමැත්තා විසින් මෙහෙයවා ඇති බව පොලීසිය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදුන් බව කියන සිද්ධියක් මුල් කරගනිමින් මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ගැටුමෙන් අනතුරුව බන්ධනාගාර පරිශ්‍රය වෙත මීගමුව සහ ඒ අවට පොලිස් ස්ථානවල නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබුණි.

මීගමුව බන්ධනාගාරය කෙටිකාලීන සිරකරුවන් හා රිමාන්ඩ් සැකකරුවන් යන දෙපිරිසම රඳවා තැබෙන ස්ථානයකි.

එහි රැඳවියන් 1800 කට ආසන්න පිරිසක් සිටියි.

බන්ධනාගාරය තුළ සිටි එකිනෙකට ප්‍රතිවාදී කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තා වේ.

එහිදී බන්ධනාගාරයෙහි විශේෂිත කුටිවල ඉබියතුරු කඩා එහි රඳවා සිටින විශේෂිත රැඳවියන්ටද කළහකාරී ලෙස හැසිරෙන රැඳවියන් පහරදී ඇති බව පොලීසිය සඳහන් කළේය.

තවත් රැඳවියන් පිරිසක් මත්වීමේ අරමුණෙන් බන්ධනාගාරය තුළ පවතින ඔසුසල කඩා එහි තිබූ වේදනානාශක අධි මාත්‍රාවෙන් පානය කර ඇත් බවත් පොලීසිය පවසයි.

එවන් පසුබිමක මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් එහි වහලය මත නැගී විරෝධතාවක ද නිරත වීය.

පොලීසිය සඳහන් කළේ ගැටුමට මැදිවූ පාර්ශ්වවලට සහාය දක්වමින් ඔවුන් විරෝධයේ නිරත වූ බවය.

මේ අතර රැඳවියන් පිළිබඳව තොරතුරු ලබාදීමට බලධාරීන් කටයුතු නොකළ බවට චෝදනා කරමින් මීගමුව බන්ධනාගාරය ඉදිරිපිටට පැමිණි රැඳවියන්ගේ ඥාතීන් පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබුණි.

කෙසේ වෙතත් පසුව පොලීසිය මැදිහත්වී රෝහල්ගත කළ රැඳවියන්ගේ සුවදුක් බැලීම සඳහා ඥාතීන් පිරිසකට අවස්ථාව ලබාදුන්නේය.

උදෑසන 10ට පමණ ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ රැඳවියන් පාලනය කරගැනීමට ආරක්ෂක අංශවලට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය.

අනතුරුව ආරක්ෂක අංශ සාමාජිකයන් තත්ත්වය පාලනය සඳහා බන්ධනාගාර පරිශ්‍රය වෙත ඇතුළු විය.

මේ අතර බන්ධනාගාරය ඇතුළත තත්ත්වය නිරීක්ෂණයට ගුවන් හමුදාව ඩ්‍රෝන යානා ද යොදවා තිබේ.

ඩ්‍රෝන යානා 02ක් සහ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් එම ස්ථානය වෙත යොමු කිරීමට පියවර ගත් බව ගුවන් හමුදාව සඳහන් කළේය.

වැලිකඩ ගැටුම

2012 වසරේ නොවැම්බර් මස 9 දා සිරකුටි තුළ සැගවූ ජංගම දුරකතන සහ මත්ද්‍රව්‍ය සෙවීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය සහ බන්ධනාගාර නිල‍්ධාරීන් බන්ධනාගාරය තුළට ඇතුළුවීමත් සමඟ මෙම ගැටුම හටගෙන තිබුණි.

වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ මෙම ගැටුම මෙරට බන්ධනාගාර ඉතිහාසයේ ආන්දෝලනාත්මක සිදුවීමක් ලෙස සැළකිය හැකිය.

මෙම ගැටුමෙන් සිරකරුවන් 27 දෙනෙකු මිය ගිය අතර එය ම්ලේච්ඡ ඝාතනයක් බවට සළකමින් පරීක්ෂණ සිදු කෙරුණි.

කෙසේ වෙතත් මෙම ගැටුම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතාට 2022 වසරේ ජනවාරි මාසයේදී කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කෙරිණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

"පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

"සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

Lassana Flora
Spotlight
  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ