header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
විශේෂාංග
ජීවයට හිතකර සුපිරි ග්‍රහලෝකයක් සොයාගනියි
Jul 05, 202604:54 PM
ජීවයට හිතකර සුපිරි ග්‍රහලෝකයක් සොයාගනියි
Mobitel 1278

විශ්වයේ ජීවය පැවතීමට සුදුසු තවත් සුවිශේෂී බාහිර ග්‍රහලෝකයක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව තිබේ.

පෘථිවියේ "ලඟම අසල්වැසියා" ලෙස හඳුන්වනු ලබන මෙම ග්‍රහලෝකය නම් කර ඇත්තේ GJ 3378b යනුවෙනි.

ආලෝක වර්ෂ 25ක් දුරින් මෙය පිහිට ඇති බව සඳහන් වේ.

පිටසක්වල ජීවය සෙවීමේ ගවේෂණවලදී හමුවූ ඉතාමත් බලාපොරොත්තු තැබිය හැකි ග්‍රහලෝකයක් ලෙස මෙය මේ වන විට විද්‍යාඥයන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත.

පෘථිවිය මෙන් දෙගුණයකටත් වඩා විශාලත්වයෙන් යුත් මෙම ග්‍රහලෝකය අයත් වන්නේ Super-Earth ගණයටයි.

මෙය අපට සාපේක්ෂව ආසන්නයෙන් පිහිටි Red Dwarf නම් තරුවක් වටා කක්ෂගතව පවතී.

මෙම සොයාගැනීමේ ඇති විශේෂත්වය වන්නේ ග්‍රහලෝකය පිහිටා ඇත්තේ එම තරුවේ "වාසයට සුදුසු කලාපය" හෙවත් "රන්වන් කලාපය" තුළ වීමයි.

යම් ග්‍රහලෝකයක මතුපිට ද්‍රව ජලය පැවතීමට අවශ්‍ය සුදුසුම උෂ්ණත්වය පවතින්නේ මෙම කලාපය තුළය.

අමෙරිකාවේ ටෙක්සාස්හි මැක්ඩොනල්ඩ් නිරීක්ෂණාගාරයේ පිහිටි මීටර් 10ක් විශාල 'Hobby-Eberly' දුරේක්ෂයේ ඇති 'Habitable-zone Planet Finder' උපකරණය සහ ඇරිසෝනාහි පිහිටි 'WIYN' දුරේක්ෂයේ ඇති 'NEID' වර්ණාවලිමානය ආධාරයෙන් මෙම සොයාගැනීම සිදුකර ඇත.

විද්‍යාඥයන් පවසන්නේ, පෘථිවියට සූර්යයාගෙන් ලැබෙන විකිරණ ප්‍රමාණයෙන් 90%ක්ම මෙම සුපිරි පෘථිවියට එහි මව් තරුවෙන් ලැබෙන අතර, එය ජීවය පැවතීමට ඉතාමත් සුදුසු සමතුලිත මට්ටමක් බවය.

මෙම ග්‍රහලෝකය ජීවයට සුදුසු කලාපයක පිහිටියද, තවමත් විසඳී නොමැති ප්‍රධානතම ගැටලුව වන්නේ "මීට වායුගෝලයක් පවතීද?" යන්න බව සඳහන් වේ.

ග්‍රහලෝකයක මතුපිට තත්ත්වයන් ස්ථාවරව තබා ගැනීමට සහ අභ්‍යවකාශයේ පවතින හානිකර විකිරණවලින් ආරක්ෂා වීමට වායුගෝලයක් අත්‍යවශ්‍ය වේ.

GJ 3378b ග්‍රහලෝකය පිහිටා ඇත්තේ විද්‍යාඥයන් "විශ්වීය වෙරළ තීරය" (Cosmic Shoreline) ලෙස හඳුන්වන සීමාවකය.

එනම්, මව් තරුවෙන් එල්ල වන දැඩි විකිරණ හමුවේ වුවද, ග්‍රහලෝකයේ ගුරුත්වාකර්ෂණ බලයට එහි වායුගෝලය රඳවා තබා ගත හැකිද නැද්ද යන්න තීරණය වන තීරණාත්මක මායිමකය.

විද්‍යාඥ පෝල් රොබට්සන් පෘථිවියේ වායුගෝලයේ ස්වභාවය ඇපල් ගෙඩියකට උපමා කරමින් මෙසේ පැහැදිලි කර තිබේ.

පෘථිවිය ඇපල් ගෙඩියක ප්‍රමාණයට කුඩා කළහොත්, එහි වායුගෝලය ඇපල් ලෙල්ල තරම් තුනී වේ.

ද්‍රව ජලය සහ හුස්ම ගත හැකි වාතය පවත්වා ගැනීමට මෙන්ම අභ්‍යවකාශ විකිරණවලින් ආරක්ෂා වීමට එම ප්‍රමාණය ප්‍රමාණවත්ය.

නමුත් අඟහරු ග්‍රහයා මීට පෙර වායුගෝලයක් තිබී පසුව සූර්ය විකිරණ නිසා එය අහිමි කරගත් ආකාරය අපට මෙහිදී අමතක කළ නොහැක.

මෙම ග්‍රහලෝකයට වායුගෝලයක් පවතින බව තහවුරු කරගැනීම සඳහා ඉදිරියේදී නිපදවීමට නියමිත වඩාත් ප්‍රබල අභ්‍යවකාශ සහ භූගත දුරේක්ෂ නිරීක්ෂණාගාර අවශ්‍ය වනු ඇත.

කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන ගොගොඩ් ජේම්ස් පවසන්නේ, මෙම ග්‍රහලෝකයට නිසි වායුගෝලයක් පවතින බව තහවුරු වුවහොත්, එහි ජීව විද්‍යාත්මක සලකුණු සහ ද්‍රව ජලය පවතීද යන්න පිළිබඳව වැඩිදුර පර්යේෂණ සිදුකිරීමට මඟ පෑදෙනු ඇති බවයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

"පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

"සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

Lassana Flora
Spotlight
  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ