header logo
SLIC
විශේෂාංග
පෝෂණ අතිරේක ගැන ඔබ නොදත් කතාවක්
Jun 21, 202611:49 AM
පෝෂණ අතිරේක ගැන ඔබ නොදත් කතාවක්
EDEX

වර්තමානයේ බොහෝ දෙනෙක් සෞඛ්‍යය නිරෝගී කරගැනීමේ අරමුණින් විටමින්, මිනරල් සහ විවිධ වර්ගයේ සප්ලිමන්ට් (පෝෂණ අතිරේක) වර්ග කීපයක් එකවර දිනපතා ලබාගැනීමට පුරුදුව සිටිති.

විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල යන දැන්වීම් නිසා බොහෝ දෙනෙක් මෙයට පෙළඹී ඇත.

නමුත් වෛද්‍යවරුන් සහ පෝෂණවේදීන් පවසන්නේ අනවශ්‍ය ලෙස සප්ලිමන්ට් වර්ග ගොඩක් එකවර ගැනීමෙන් ශරීරයට යහපතට වඩා විශාල හානියක් විය හැකි බවයි.

ප්‍රධාන ගැටලු සහ අවදානම්

අක්මාව සහ වකුගඩුවලට හානි වීම එකවර සප්ලිමන්ට් වර්ග සහ ශාකසාර පෙති (Herbal supplements) වර්ග රාශියක් ගැනීම නිසා වකුගඩුවල ගල් ඇතිවීම සහ අක්මාව අක්‍රිය වීම සිදුවිය හැක.

විෂ වීම් සහ ස්නායු ආබාධ ඇති විය හැකිය. උදාහරණයක් ලෙස, විටමින් B6 නියමිත ප්‍රමාණයට වඩා දීර්ඝ කාලයක් ගත්තොත් ස්නායු ආබාධ ඇතිවිය හැක.

විටමින් A,D,E,සහ K වැනි විටමින් වර්ග ශරීරයේ තැන්පත් වී පවතින නිසා ඒවා දිනපතා අධික ලෙස ගැනීම සුදුසු නැත.

මේ අතර, යකඩ කැල්සියම් සහ මැග්නීසියම් වැනි දේවල් එකට ගත් විට, ඒවා එකිනෙකා නිසා සිරුරට උරාගැනීමේ ප්‍රතිශතය අඩු වේ.

ආහාරවලට මුල් තැන දී පෙති වර්ග බොනවාට වඩා සමබල පෝෂණීය ආහාර වේලක් ගැනීම සැමවිටම උසස් වන බව වෛද්‍යවරුන්ගේ මතයයි.

ඔබට යම් පෝෂණ ඌණතාවයක් ඇතැයි සිතේ නම්, වෛද්‍යවරයකු ලවා ලේ පරීක්ෂාවක් (Blood test) කරගෙන නියමිත සප්ලිමන්ට් එක පමණක් ලබා ගැනීම ඉතාමත් යොග්‍ය වෙයි.

ඒ අනුව නිරන්තර සප්ලිමන්ට් එකක ඇති RDA (දිනකට නිර්දේශිත ප්‍රමාණය) සහ එහි අඩංගු ද්‍රව්‍ය, වෙනත් ඔබ ලබා ගන්නා ඖෂධ සමඟ ගැටේදැයි පරීක්ෂා කරන්න.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight