header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සමට අද ලැබුණු තීන්දුව - සම්පූර්ණ විස්තරය මෙන්න
Jun 18, 202607:29 PM
හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සමට අද ලැබුණු තීන්දුව - සම්පූර්ණ විස්තරය මෙන්න
Mobitel 1278

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද (18) යළි සලකාබැලුණි.

මෙහි වැඩිදුර කරුණු සලකාබැලීම ජුනි 24 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ යළි සලකාබැලුණි.

මෙහිදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසූවේ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් පුද්ගලයින්ට යුක්තිය ඉටුකිරීම යනු කිසිදු සාධාරණ පදනමකින් තොරව පුද්ගලයින් අත්අඩංගුවට ගෙන සිරගතකිරීම නොවන බවය.

වගඋත්තරකරුවන් කිසිදු සාධාරණ පදනමක් නොමැතිව සිය සේවාදායකයාට එරෙහිව අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් ලබාගෙන තිබෙන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා පදනමකින් තොරව ඔහුගේ නිදහස සීමාකිරීමට කටයුතු කර තිබෙන බවටද චෝදනා කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිය සේවාදායකයා අත්අඩංගුවට ගනු ලැබුවහොත් ඔහුට ඇප ලබාගැනීමට තිබෙන නිදහස අහිමිකෙරෙන අතර, පෙත්සම්කරු මෙම අධිකරණය හමුවට පැමිණ සිටින්නේ ඒ නිසා බවද ජනාධිපති නීතිඥවරයා පැවසීය.

මෙහිදී විනිසුරු සරත් දිසානායක මහතා විමසාසිටියේ, විමර්ශනයක් පැය 24 ක් තුළ අවසන් කිරීමට නොහැකි අවස්ථාවක මෙවැනි නීතිමය ප්‍රතිපාදන භාවිතාකිරීම සිදුවනවා නේද යනුවෙන්ය.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ පුද්ගල නිදහස අහිමිකිරීම සඳහා එවැනි අණ පනත් භාවිත කිරීමට හැකියාවක් නොමැති බවය.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයාබැලීම සඳහා පත්කෙරුණු වත්මන් ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පරීක්ෂණ කොමිසමෙහි වෙළුම් හයකින් යුත් වාර්තාවෙහි හෝ කිසිදු ස්ථානයක පෙත්සම්කරු ගැන සඳහන් නොවූ බවද පෙන්වාදුනි.

එහෙත් ජයකී ද අල්විස් කොමිසම මගින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න යන අයට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට නිර්දේශ කර තිබු බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

ඊට අමතරව 2018 වසරේ මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට ප්‍රහාර එල්ලකිරීමේ සිද්ධිය පිටුපස විදේශීය ත්‍රස්ත සංවිධානයක මැදිහත්වීමක් තිබෙන බවට කරුණු හෙළිදරව් වී තිබියදී ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට ශානි අබේසේකර කටයුතු නොකළ බවටද ඔහු චෝදනා කළේය.

එවැනි පුද්ගලයෙකු පාස්කු ප්‍රහාර විමර්ශනය මෙහෙයවීම ගැටලු සහගත තත්ත්වයක් බවත්, විවිධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස ඔහු නීතිපති දෙපාර්තමේන්තුවට කරන ඉල්ලීම් හේතුවෙන් එම දෙපාර්තමේන්තුවද අසරණ වී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වාදුනි.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසූවේ පැමිණිල්ලේ නීතිඥවරයා නීතිපති දෙපාර්තමේන්තුව රූකඩයක් ලෙස හඳුන්වාදීමට දරන උත්සාහය හුදෙක්ම ජනමාධ්‍ය ඉලක්ක කරගෙන සිදුකරන ප්‍රකාශයක් බවය.

එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පැවසූවේ තමා කිසිදු අවස්ථාවක නීතිපතිවරයාට චෝදනා නොකරන අතර, නීතිපති දෙපාර්තමේන්තුව එවැනි තත්ත්වයකට පත්ව තිබෙන ආකාරය පමණක් පෙන්වාදුන් බවය.

පෙත්සම් වැඩිදුරටත් සලකාබැලීම එළැඹෙන 24 වැනිදා දක්වා කල්තැබීමට අධිකරණය නියම කළේය.

MostRead
Mobitel 1278
VideoStories
පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ