කළුතර වෙඩිතැබීම - සැක සහිත වෑන් රථයකුත් සොයාගනී
May 28, 2026 02:14 pm
කළුතර දකුණ ප්‍රදේශයේදී අද (28) උදෑසන සිදුකළ වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි බවට සැක කරන තවත් රථයක් කළුතර මතුගම මාර්ගයේ දොඩන්ගොඩ ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
පොලිසිය පැවසුවේ අද දහවල් සුදු පැහැති කුඩා වෑන් රථයක් මෙලෙස සොයාගත් බවය.
මෙම වෑන් රථය ඝාතනයට පෙර සැකකරුවන් පැමිණි වෑන් රථය බවත් මෙම වෑන් රථයෙන් කාර් රථයට වෙඩික්කරුවන් මාරු වී ඇති බවටත් සැක කරයි.
අද උදෑසන කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවෙකු විසින් යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයකු ඉලක්ක කරමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය අතර පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව සිද්ධියට අදාළව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය තෙබුවන නෑබඩ ප්‍රදේශයේ අතහැර දමා ගෙස් තිබියදී සොයා ගත්තේය.
තෙබුවන, නෑබඩ තැපැල් කාර්යාලය අසල තිබී එම මෝටර් රථය සොයා ගත් බව පොලීසිය පැවසුවේය.
මෙවන් පසුබිමක් තුළ එම සිද්ධියටම සම්බන්ධ බවට සැක කෙරෙන අදාළ වෑන් රථය සොයාගෙන තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරමින් පවතී.
