වාහන සඳහා වන ලීසිං ණය සීමාව දැඩි කරයි

වාහන සඳහා වන ලීසිං ණය සීමාව දැඩි කරයි

May 24, 2026   09:22 pm

ලියාපදිංචි නොකළ සහ ප්‍රථම ලියාපදිංචියෙන් වසරකට වඩා අඩු කාලයක් භාවිත කරන ලද වාහන සඳහා ලබාදෙන ලීසිං පහසුකම තවදුරටත් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව අද (24) දන්වා සිටියේ, හෙට (25) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උපරිම 'ණය සහ වටිනාකම අතර අනුපාතයන්' (LTV Ratios) ක්‍රියාත්මකවන බවය.

සංශෝධිත උපරිම ණය සීමාවන් අනුව වාණිජ වාහන (Commercial Vehicles) සඳහා වාහනයේ වටිනාකමෙන් 60%ක් දක්වා ඉහළ දමා තිබේ.

එමෙන්ම මෝටර් රථ, SUV රථ, වෑන් රථ, ත්‍රිරෝද රථ සහ අනෙකුත් වාහන සඳහා වාහනයේ වටිනාකමෙන් 40%ක් දක්වා ඉහළ දමා ඇත.

ඒ අනුව ලියාපදිංචි නොකළ හෝ වසරකට වඩා අඩුවෙන් භාවිත කළ මෝටර් රථ, SUV සහ ත්‍රිරෝද රථ වැනි වාහන මිලදී ගැනීමේදී වාහනයේ වටිනාකමෙන් අවම වශයෙන් 60%ක මුදලක් ගැනුම්කරු විසින් දැරිය යුතුය.

මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සුරැකීම සහ අවදානම් කළමනාකරණය කිරීමේ අරමුණින් මෙලෙස මෝටර් රථ සඳහා ලබාදෙන ණය සීමාවන් තවදුරටත් දැඩි කිරීමටත් මහ බැංකුව පියවර ගෙන ඇත. 

මහ බැංකුවේ බලතල ප්‍රකාරව ගනු ලැබූ මෙම තීරණයට ප්‍රධානම හේතුව වී ඇත්තේ, මෝටර් රථ සඳහා දැනට පවතින උපරිම ණය වටිනාකම් සීමාවන් තවදුරටත් වැඩිකිරීමය.