header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පෙට්‍රල් දමා බිරිඳට ගිනි තැබූ සැමියා කළ පාපොච්චාරණය
May 24, 202601:27 PM
පෙට්‍රල් දමා බිරිඳට ගිනි තැබූ සැමියා කළ පාපොච්චාරණය
Mobitel 1278

තම බිරිඳගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාර සැමියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මීගහවත්ත, අංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක් වන පුද්ගලයෙකි.

පසුගිය 18 වෙනිදා පස්වරු 5.30ට පමණ ත්‍රිරෝද රථයකින් පැමිණි ඔහු අදාළ කාන්තාවකගේ හිසට පෙට්‍රල් දමා ගිනි තබා පළා ගොස් තිබේ.

ඉන් බරපතළ තුවාල ලැබූ කාන්තාව එම අවස්ථාවේදීම රෝහල්ගත කර ඇති අතර මේ වන විටත් ඇය කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, ඇයගේ මුහුණ සහ පපුව ප්‍රදේශය බරපතළ පිළිස්සුම් ලැබීම හේතුවෙන් ඇය දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවය.

කෙසේ වෙතත් ඇයගෙන් මේ වන විටත් කටඋත්තර ද ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ, මෙම කාන්තාවගේ නිත්‍යානුකූල ස්වාමිපුරුෂයා විසින් මෙම ගිනි තැබීම සිදු කර ඇති බවය.

ඒ අනුව ක්‍රියාත්මක වුණු පොලිසිය අද (22) මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් ලද ප්‍රකාශ අනුව සිද්ධිය සඳහා භාවිත කරන ලද පෙට්‍රල් බෝතලයක් සහ ත්‍රී රෝද රථයද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්ය.

සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ තමන් විසින් ගිනි තබා ඇත්තේ තමන්ගේම බිරිඳට බවය.

ඔවුන් දෙදෙනා පෙර විවාහයකින් නීත්‍යානුකූලව වෙන්වීමෙන් අනතුරුව විවාහ වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම කාන්තාව විවිධ පුද්ගලයන් ඇසුර කර ඇති බවත්, දින ගණනාවක් යන තුරු නැවත නිවසට නොපැමිණෙන බවත් සැකකරු පාපොච්චාරණය කර තිබේ.

ඇයට කොපමණ උපදෙස් ලබාදුන්න ද ඇය දිගින් දිගටම මෙලෙස අනාචාරයේ යෙදී ඇති බවට ඔහු ප්‍රකාශ කර ඇත.

ගිනි තැබීමෙන් අනතුරුව තමන්ද සියදිවි නසාගන්නා බවට සැකකරු කාන්තාවට පවසා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසි සඳහන් කරයි.

මෙම සැකකරු මීට ඉහතදී කිසිම අපරාධයකට කිසිම චෝදනාවකට ලක් නොවූ ත්‍රිරෝද රථ රියදුරෙක් ලෙස කටයුතු කළ අය බවට ප්‍රදේශවාසීන් පැවසු බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

සැකකරු අද (24) දින‍ අලුත්කඩේ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

MostRead
Mobitel 1278
VideoStories
පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ