ප්‍රමෝද්‍යගෙන් ක්‍රීඩා ඇමතිට ලිපියක්

ප්‍රමෝද්‍යගෙන් ක්‍රීඩා ඇමතිට ලිපියක්

May 22, 2026   03:57 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. 

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ නිල කාලය අවසන් වීමට පෙර තමන්ව ධුරයෙන් ඉවත් කර තේරීම් කමිටුව ප්‍රතිසංවිධානය කිරීමට අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තමාට මේ වන තෙක් ලිඛිතව දැනුම්දීමක් කර නොමැති බවය.

එවැනි ලිඛිත නිවේදනයක් ලබාදීම හරහා සිය වගකීම් ක්‍රමවත් හා වෘත්තීයමය මට්ටමකින් අවසන් කිරීමට මෙන්ම තමන්ගේ පෞද්ගලික වාර්තා නිවැරදිව තබා ගැනීමට හැකියාව ලැබෙන බවද ඔහු පෙන්වා දෙයි. 

එමෙන්ම ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් පරිපාලනය ගන්නා උපායමාර්ගික තීරණ තමන් සැමවිටම අගය කරන නමුත් මෙම තීරණය සම්බන්ධයෙන් හේතු පැහැදිලි කිරීමක් සිදු කරන ලෙසද ඔහු මෙහිදී ඉල්ලීමක් කර ඇත.