මානව හිමිකම් ක්‍රියාකාරීන්ට ඊශ්‍රායලයේදී සිදුවන අඩත්තේට්ටම්වලට රටවල් රැසක විරෝධය
May 21, 2026 01:22 pm
ගාසාහි ජනතාව වෙත ආධාර රැගෙන තුර්කියේ සිට ගමන් ඇරඹූ යාත්‍රා 50කින් පමණ යුතු ග්ලෝබල් සමුද් ෆ්ලෝටියා සහන කණ්ඩායමට අයත් මානව හිමිකම් ක්‍රියාකාරීන් 500කට ආසන්න පිරිසක් මේ වනවිට ඊශ්‍රායල හමුදා අත්අඩංගුවේ පසුවෙති.
මෙලෙස අත්අඩංගුවට පත් පිරිස විවිධ අඩත්තේට්ටම්වලට ලක්වන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඊශ්‍රායල අන්ත දක්ෂිණාංශික ඇමති බෙන් ගවියර් පසුගියදා සිය සමාජ මාධ්‍යයේ පළ කර ඇත.
මෙම වීඩියෝව මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඔස්ට්‍රේලියාව, ඉතාලිය, ප්‍රංශය, නෙදර්ලන්තය, නවසීලන්තය, කැනඩාව සහ බෙල්ජියම යන රටවල් හෙළා දැක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට පත්වූ පිරිස අතරට ලාංකික මානව හිමිකම් ක්‍රියාකාරිණියක් වන සමීරා මෙහෙබුදීන් ද අයත්ය.
